මහත අයට කෙට්ටු වෙන්න කස කසා ඇට පානක්


බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය. කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ. මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව පවතී.

කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක. විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී. කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.

කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ. මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.

නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ. මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී. එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි. මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.

සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ. පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ. සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.

හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි. විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ. පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී. විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ. තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ. පෙනීමට ඉතා ගුණදායක වේ.

නමුත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් අහිතකරය.මෙසේ එකවර කස කසා පෙඟෙන්නට තබා ගැනීමෙන් වැඩි කොටස බෝතලයකට දමා පානය කළ හැක.

අද කාලේ අපි බටහිර වෛද්‍ය ක්‍රම පස්සෙ ගියාට ඉස්සර කාලේ හැම ප්‍රශ්ණයකටම විසදුම දුන්නේ ස්වාභාවිකබෙහෙත් මගින්. ඉතින් බර අඩු කරගන්න දගලන අයට රසම රස බීමක් හදන්න කියලා දෙන්නයි හදන්නේ. මොනාද අවශ්‍ය ද්‍රව්‍ය කියලා බලමු.


  • මී පැණි මේස හැදි 2ක්
  • ලෙමන් ගෙඩියක්
  • කස කසා මේස හැදි 2ක්ව
  • තුර කෝප්ප 1 1/2 ක්


කස කසා ඇට වතුර ස්වල්පයකට දාලා පැයක් පමණ තබන්න. පිටතින් ඇති වතුර බුබුලක් වගේ ආවරණය තමයි කස කසා ඇට වල ඇති තන්තුමය කොටස ඒවාට වතුර උරා ගන්නවා. ඉන්පසුව මේ ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර බ්ලෙන්ඩර් කර උදේ හිස්බඩ පානය කරන්න.

දියවැඩියාව සුව කරන බිලිං



බිලිං කියන්නේ ලෝකයේ තියෙන පළතුරු වර්ගවලින් නිතරම වගේ අවතක්සේරු වන පළතුරු වර්ගයක්. බිලිං තරමක් කාමරංගා වලට සමාන කමක් දැක්වුවත් බිලිං වල කාමරංගා වලට සමාන නොවන තද ඇඹුල් රසක් තමයි අන්තර්ගත වෙන්නේ. ඒවගේම, ලොවපුරා විවිධ ඉයුම් පිහුම් කටයුතු සදහා බිලිං භාවිතා කරනවා. බිලිං කියන්නේ උෂ්ණාධික දෙයක්විදියට තමයි සැලකෙන්නේ. විටමින් B සහ C යකඩ, පොස්පරස් සහ විශාල ප්‍රතිඔක්සිකාරක බලයකින් සපිරි මේ පළතුරේ නිජභූමිය වෙන්නේ පිලිපීනයයි. මේ බිලිං කියන පළතුර ලොවපුරා වගා කරන අනෙත් පළතුරු වර්ග තරම්ම ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් අප නොසිතන තරමේ විශාල පෝෂණ ගුණයක් බිලිං තුල අන්තර්ගත වනවා. බිලිං භාවිතයෙන් අපට ලබාගත හැකිසෞඛ්‍යය වාසි වලින් ඉතාමත් වැදගත් වන සෞඛ්‍යය වාසි කිහිපයක්.ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නේ

තද දම් රතු මලින් හා දිගටි කොළ පැහැති පොකුරුවලින් පලබරව අලංකාරවන බිලිං ශාකය Oxalidaceae කුලයට අයත්වූවක්.විටමින් C බහුල, විටම්න් B ප්‍රභේද A සහ යකඩ පොස්පරස් කැල්සියම් ඇතුළු පෝෂක ගණනාවකින් යුතු, ශාකයක්. ගෙඩියෙන් 94% ක් පමණ පෝෂණීය ජලයෙන් යුක්තයි . ප්‍රතිශක්ති ප්‍රති ජීවක ප්‍රති අසාත්මික ගුණ හා ප්‍රති ඔක්සිකාරක ගුණ සහිතයි.
ආසියානු සම්භවයක් සහිත බිලිං 1793 න් පසු ඕස්ට්‍රේලියාව අප්‍රිකාව වැනි අනෙක් මහාද්වීපවල ද පැතිර ගිය අතර, සියලු රටවල ආහාර මෙන්ම ඖෂධ සඳහා ද යොදා ගනු ලබනවා.පලතුරක් සේ බිලිංගෙඩි කෑමට ගන්නා අතර වෑංජන, චට්නි අච්චාරු රසකැවිලි, බීම වශයෙන් ද සකසා ගන්නවා. ආහාර සැකසීමට පෙර ඇඹුල් ගතිය අඩුකිරීමට හුණු මිශ්‍ර දියේත්, අළු මිශ්‍ර දියේත්, ලුණු කහ මිශ්‍ර දියේත් තැප්පෙන්නට තබා තියනවා. ගෙඩිවල දෙපැත්ත ,කපා හුණු දැමූ ජලයේ පැය 12 ක් ගිල්වා තබා ගොඩට ගෙන, රත්කරගත් සීනි ද්‍රාවණයක වරින්වර දිනකීපයක් තැබීමෙන්, වියළි මිදි වැනි රසකැවිල්ලක් සකසා ගත හැකියි.

බිලිං උදරයට හිතකරයි. ආහාර රුචිය වඩන ගුණයෙන් යුතුයි. මලබද්ධය දුරු කරන්නක් උණ අර්ශස් ,ශීතාද රෝගය, දියවැඩියාව කැස්ස, උල්ලෝගම් ආදි රෝග ප්‍රතිකාර සඳහා යොදාගන්නවා එය චර්ම රෝග, කැසීම්, ඉදිමුම්, වලට එරෙහිව ප්‍රතිචාර දක්වන්නක්.එහි ඇති කැරොටින් කොලජන් හා oxalic acid සමට ඉතා හිතකරයි. කුරුළෑ ලප දුරුකර සම දීප්තිමත් කර වඩා තරුණ පෙනුමක් ලබා දෙමි න් රූපලාවණ්‍ය වර්ධකයක කාර්‍යහාරය ඉටුකරනවා.එසේ ම නීරක්තිය දුරුකරන්නක් හා තරබාරුව පාලනය කරන්නක්.බිලිං උගුරේ ආසාදන, , කැස්ස උල්ලෝගම් සුවපත් කරනවා.මාංශපේශි වේදනා දුරන අතර කම්මුල් ගායට සහන සලසනවා.දත් හා අස්ථිවල සෞඛ්‍යය රැක දෙනවා.සන්ධි ඉදිමුම් බැහැර කරමින් ආතරයිටිස් රෝග පාලනය කරනවා.අධි රුධිර පීඩනය උපදංශ ,වැනි රෝග ප්‍රතිකාර සඳ හා බිලිං ගෙඩි හා කොළ යොදාගන්නා බව සඳහන්.

කැස්සට ඖෂධයක් ලෙස-මහදුරු ඇට කිහිපයක් සමග බිලිංගෙඩි තුනක් සහ සීනි එක්කර මිශ්‍රණයක් භාවිතා කරලා ඔබට පුළුවන් ලේසියෙන්ම කැස්ස සුවකරගන්න. මේ මිශ්‍රණය නටන උණු ජලයේ හොදින් තම්බාගෙන පැය කිහිපයක් වාෂ්ප වෙන්න ඉඩ හරින්න. ඊළඟට මේ මිශ්‍රණය හරි අඩ බැගින් භාජන දෙකකට දමාගෙන එක් කොටසක් උදෑසනම හිස්බඩ පානය කරන්න. ඉතිරි කොටස සන්ද්‍යා කාලයේදී පානය කරන්න.

දියවැඩියාව සුව කරන ඖෂධයක් ලෙස-දියවැඩියා රෝගීන්ට බිලිං විශාල ලෙස ප්‍රයෝජනවත් වෙනවා. ඔබත්දි යවැඩියාව රෝගයෙන්පී ඩා විදින අයෙක් නම් බිලිං ගෙඩි 6 ක් ගෙන තලා වතුර වීදුරුවකට එක්කර වතුර පැසෙන කල් රත්කර නිවාගෙන දවසට දෙවරක් පානය කරන්න.

කුරුලෑ වලට සුවය දෙන ඖෂධයක් ලෙස-බිලිං තුල අන්තර්ගත වන ආම්ලික ද්‍රාවන නිසා ඵලදායීව කුරුලෑ සුවකර දීමේ හැකියාව තිබෙනවා. බිලිං ගෙඩියකින් කුඩා කැබැල්ලක් කපාගෙන ආසාදනය ඇති වූ ස්ථානයේ තබා සුවවීමේ ක්‍රියා වලිය සිදු වන තුරු විනාඩි කිහිපයක් සිට එම ස්ථානය පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

උගුරේ ඇති වෙන උල්ලෝගම සදහා ප්‍රතිකාර සිදු කිරීමට (මෙය දිලීර වර්ග නිසා මුඛයේ සහ උගුරේ ඇති වෙන ආසාදන තත්වයකි. මෙය ඇති වූ විට මුඛය තුල සුදුපැහැති ලප ඇතිවේ.)
මේ ප්‍රතිකාර ක්‍රමය තරමක් වේදනාකාරී වුවත් බිලිං තුල අන්තර්ගත වන ආම්ලිකතාවයනිසා මෙය ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක් වනවා. ඔබටත් මේ ආසාදන තත්වය ඇතිවෙලා නම් බිලිං ගෙඩියක් තලා ආසාදනය ඇතිවූ ස්ථාන වල තබන්න.

රූමැටික්-වරින් වර ඇතිවෙන සන්ධි වල වේදනාව සුවකර ගැනීමට බිලිං පත්‍ර මිටක් ගෙන හොදින් අඹරා ජලය මිශ්‍ර කර මිශ්‍රණයක් සකස් කරගෙන ආසාදිත තත්වය ඇති ස්ථානයේ දිනකට දෙතුන් වතාවක් ආලේප කරන්න.

මාංශපේශි තද ගතියට ප්‍රතිකාර සිදු කිරීමට බිලිං පත්‍ර මිටකට බිලිං ගෙඩියක්, සුදුළුනු බික් දහයක්, ගම්මිරිස් ඇට පහළොවක් සහ විනාකිරි ස්වල්පයක් එකතු කර හොදින් අඹරා මිශ්‍රණයක් සකස් කරගන්න. මේ මෘදු මිශ්‍රණය මාංශ පේශි වල තද ගතිය ඇති ස්ථාන වල ආලේපකරන්න.

දත් කැක්කුමටප්‍රතිකාර ක්‍රමයක් ලෙස-ඔබට දත් කැක්කුමක් ඇති වූ අවස්ථාවක තලා ගත් බිලිං ගෙඩියකින් ස්වල්පයක් වේදනාව ඇති දතේ තබාගන්න. මේ සරල ඖෂධය ෆාමසි වලින් ලබාගන්න තිබෙන වේදනා නාශක වලට වඩා ප්‍රභල ඖෂධයක් වේවි.දත්වල අව පැහැය දුරු කිරීමට බිලිං ගෙඩියක් දෙකක් හොඳින් හපා දත් බුරුසුවකින් දත් මදින්න.පාදයේ, කටුවක් ඇනුණු විට-බිලිං ,ගෙඩියක් උණු අළු පල්ලේ තම්බා බඳින්න.

කොලෙස්ටරෝල් සුව කරන පේර කොළ සත්කාරය




හැමෝම පේර දන්නේ පලතුරක් විදියටම නමුත් ඊට වඩා පේර වල අඩංගු වෙනවා පේර කොන්ඩෙට ඉතාම ගුණදායක දෙයක් කිව්වොත් ඔබ පුදුම වෙයි ඔව් ඇත්තෙන්ම ඒක හරිම ගුණ දෙයක්.ප්‍රතිඵල සහතිකයි.පේර කොල සහ ගෙඩි වල ඇති ප්‍රධාන සංඝටකයන් ලෙස විටමින් A,C,B2 ,පොටෑසියම් ,තන්තු සහ ලයිකොපින් හඳුනාගත හැකියි..මේ සියල්ලම නීරොගි කෙස කලඹකට අපිට උපකාරි වෙනවා ..පේර වල තියන විටමින් C ප්‍රමාණය දොඩම් වල තියන විටමින් C ප්‍රමාණයට වඩා වැඩි විටමින් B2 සෛල හා පටක අලඅලුත්වැඩියා කිරිමට දායක වෙනවා…එම නිසාම පේර නීරෝගීමත් හිසකෙස් , නියපොතු ,සමක් ලබාගැනීමට දායක වෙනවා.

දවසකට පේර ගෙඩි දෙකක් කෑවොත් වෛද්‍යවරයා ඈත්වෙනවා’ කියා කියමනක් තියනවා. එයට තව කොටසක් එකතු කළයුතු යයි ඔබට අද හිතේවි. ‘ගෙවත්තේ පේර ගසක් වවා ගත්තොත් බෙභෙත් වෙළඳ සැලෙනුත් ඇත්වෙනවා’ කියා. වතුවල ඉබේටත් හැදෙන පේරගසේ, කොළවල ඇති විස්මිත ගුණ ගැන යි මේ කියන්න හදන්නේ.විටමින් ඒ සී වලින් පොහොසත්, තන්තු පොටෑසියම් සපිරි ක්ෂුද්ර ජීවී නාශක, හා විවිධ රෝගනාශක වලි යුතු පේර කොළ ඔබේ සිරුරේ නොයෙකුත් අපහසුතාවලට පිළියමක් සේ යොදාගන්න පුළුවන්.කොළ තම්බා තේ පානයක් ලෙස බීමෙන් ද , තැම්බූ දිය සේදීමට ගැනීමෙන්ද, පානීය ජලය යොදා අඹරා ගැනීමෙන් ද, පේර කොළ ඖෂධයක් සේ පාවිච්චි කළ හැකියි.

භිසට – හිසකේ වැටීම නවතා මනාව කෙස් වැවීම සඳහා පේර කොළ තැම්බූ වතුරෙන් හිස සේදීම සුදුසුයි, භිස් සොරිවලින් මිදීමට කොළ අඹරා තලපයක් කොට හිස් කබලේ ගා අතුල්ලා මඳ වෙලාවකින් සෝදා හරින්න.

මුහුණට – බ්ලැක් හෙඩ්ස් හා මුහුණේ රැලි වැටීම් සඳහා පේර කොළ පානීයජලය සමග අඹරා අදාල පෙදෙස්වල ගල්වන්න. මුහුණ සුන්දර වී වඩා තරුණ පෙනුමක් ලැබේවි.

දත්වලට – දත් කැක්කුමට දළුකොළ සපන්න. කොළ තැම්බූ දියෙන් කට සෝදන්න. විදුරු මසින් ලේ ගැලීම, මුඛය දුගඳ හැමීම වැනි අපහසුතාවලදී කොළවතුරෙන් දිනපතා කට සෝදන්න.කැස්ස හා ඛ්රොන්කයිටීස් අපහසුතා සඳහා පේරකොළ තේ පානය සසන සලසනව.

මුත්‍රා ආබාධ – මුත්‍රා දැවිල්ල හා නිතර මුත්රා කිරීමේ උවමනා දැනීම වැළැක්වීම සඳහා ග්රෑම් 10 ක පේරකොළ යුෂ හා ග්රෑම් 50 ක මුද්රප්පලම් එකට මුසුකොට උදේරෑ බොන්න. පිරිමින් ගේ මඳසරු බවට පේර කොළ පානය යහපත්. පුරස්ථි ග්රන්ථි වල ඉදිමීම මෙන් ම පිළිකා සඳභා ද ඉන් සහනය ලැබෙනවා.

කොලොස්ටරෝල් මට්ටමේ – අහිතකර LDL අඩුකර හිතකර HDL වැඩිකර දීමටත් පේර කොළපානය සමත් වෙනවා. දියවැඩියා ව පාලනය කිරීමට එයට ඇත්තේ විශේෂ භැකියාවක්. තරබාරුව හා බර අඩුකිරීමටත් එය සමත්. තන්තු සහිත වූ බීමෙන් කුසගිනි අඩුවී වැඩි ආහාර ප්රමාණයක් ගැනීමේ උවමනාව නැතිවෙනවා. කෘමීන් දෂ්ට කළවිට පේරකොළ අඹරා තැබීමෙන් එය විෂබීජ නාශකයක් සේ ද ක්රියාත්මකවෙමින් සුවය ලබා දෙනවා. සීරීම් කැපුම් තුවාල දද කුෂ්ට ආදිය සුවකිරීමටත් ඊට හැකියි. මල බද්ධය හා අජීර්ණය ප්රතිවිරුද්ධ රෝග ලක්ෂණ වලින් යුතු වුවත් , පේර කොළ තැම්බූ වතුර පැය 8 කට වරක් පානය කිරීමෙන් ඒ දෙකට ම සහනය ලබාගත හැකියි.දැන් බලමු පේර කොල සත්කාරය සාදන ආකාරය ගැන…පේර කොල මිටක් විනාඩි විස්සක් පමණ හොඳින් තම්බාගෙන නිවෙන්නට හැර හිසෙහි ගා පැය භාගෙකින් සෝදා හරින්න දැන් බලමූ පේර තෙල් එකක් හදන විදිය ගැන අවශ්‍ය දෑ


  • පේර කොල මිටක්
  •  කරපිංචා කොල
  •  ගොටුකොළ
  •  මුකුනුවැන්න
  •  කොහොඹ කොල මිටක්
  •  උළුහාල්
  •  සුදු පොල්තෙල්
  •  විටමින් E කරල්
  •  ඔලිව් ඔයිල්


ඉහතින් ඇති කොල සියල්ල සෝදා සිහින්ව කපාගන්න…පිරිසිදු භාජනයක් ලිප තබා සුදු පොල්තෙල් දමා මඳ වෙලාවකින් කොල සියල්ල හා උළුහාල් දමා වර්ණය වෙනස් වෙනතුරු තබා ලිප නිවා තෙල සිසිල් වෙන්නට දෙන්න..ලස්සන කොලපාටක් තියෙන්න ඕනෙ..එතකොටයි හරියටම තෙල් එක හැදිලා තියෙන්නෙ…තෙල් එක පෙරාගෙන පිරිසිදු වීදුරු බෝතලයකට දමාගෙන ඉන්පසු ඔලිව් ඔයිල් හා විටමින් E එකතු කරගන්න…ප්‍රමානයන් දක්වලා නැති නිසා ඔයාලා හදාගන්න ප්‍රමාණය අනුව ද්‍රව්‍ය අඩු වැඩි කරගන්න…මේ සත්කාරයන් දෙකම සති දෙකක් විතර දවසක් හැර දවසක් කලාම ප්‍රතිඵල ඔයාලටම බලාගන්න පුලුවන් වේවි.

සෙම අමාරුව නැති කරන සත්කාර 11ක්



ලොකු කුඩා කාට කාටත් නිතර නිතර හැදෙන දෙයක් තමයි මේ සෙම කියන්නේ. විවිද හේතු නිසා සේම ආමරුව හැදෙන්න පුළුවන් නමුත් ගොඩක් දෙනෙක් පොඩ්ඩක් සෙම හදුනා ගමන් දුවන්නේ පෙති බින්න නේ.ඉතින් ඉස්සරනම් අපේ අත්ම්මලා ගෙදරදීම මේ දේවල් වලට යම් සත්කාර කරා.අද ගොඩක් දෙනෙක් මේ දේවල් ගැන දන්නේ නෑ.අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ සෙම හැදුනාම ගෙදරි කරන්න අත් බෙහෙත් වට්ටෝරු කිහිපයක් ගැනයි.සෙමට අත්බෙහෙත් ගැන කතා කරන්න අපි අද සුදානම්. ඕනෑම රෝගයක් වැඩිවෙන්න නැතුව පාලනය කර ගන්න, නැතිනම් එම රෝගය වළක්වන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද?

ගම් පළාත් වල නම් ඔය පුංචි පුංචි දේවල් වලට අත්බෙහෙත් තියෙනවා.අත්බෙහෙත් කියන්නේ වෛද්‍යවරයා නිර්දේශ නොකර ඒ ඒ රෝග වලට ගම්වැසියන් ගන්න පුරුදු වෙලා තියෙන පහසුවෙන් සොයා ගන්න පුළුවන් බෙහෙත්.මේ අත්බෙහෙත් භාවිතා කර ප්‍රතිඵල අත් විදින එකේ වරදක් නැහැ.ඒත් ඔබට ප්‍රබල රෝග ලක්ෂණ පෙන්වනවා නම්, නැතිනම් අත් බෙහෙත් කර සුව කල නොහැකි රෝගයක් නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම අවශ්‍ය වෙනවා.

සෙමට අත්බෙහෙත් සෙම කියන්නේ අපි හැමෝම අත්විදින කරදරකාරී ලෙඩක්, මේ සෙමට කරන්න පුළුවන් අත්බෙහෙත් මොනවාද කියලා අපි බලමු.සෙමක් හැදෙන බවට මුල් සලකුණු දැනෙද්දී ආච්චි අම්මාගේ කොත්තමල්ලි මුට්ටියක් ලිප උඩ නටන්න ගන්නවා.සෙම හෙම්බිරිස්සාව හැදෙන්න එනකොට කොත්තමල්ලි ටිකක් බිව්වාහම සෙම හොද වෙනවාලු. සමහරු නම් ඉගුරු කෑල්ලක් ඒකට තලලා දානවා.කොත්තමල්ලි සෝදලා වේලලා කුඩු කරගන්න. එය පිරිසිදු කරගත් බෝතලයක ගබඩා කර ගන්න. බබාට සතියට දෙවරක් මේ කොත්තමල්ලි කුඩු තේ හදනවා වගේ හදලා දීමෙන් සෙම් රෝග අඩුකරගන්න පුළුවන්ලු.සෙමට තව ගුණ බෙහෙතක් තමයි ලුණු කියන්නේ, මද රස්නෙට ගත්ත වතුර ටිකකට ලුණු හොදින් කලවම් කරලා උගුර හෝදන්න. සමහරු නම් සෙම කැඩිලා යන්න කියලා මේකටම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.
සෙම් ගෙඩි සදහා අමු ඉගුරු, සුදුලූණු, ගම්මිරිස්, සමව ගෙන දෙහි ඇඹුල් එකතුකර පොට්ටනියක් බැද හක්කේ තබා ගෙන සෙම අරින්න


  • දැඩි සෙමට කළු උක් දඬු යුෂ තේ හැඳි 2 මී පැණි තේ හැඳි 1 එකට දමා උදේ සවස බොන්න
  • කැස්සට ඉඟුරු පෙති 1 ලුණු කැටයක් ගම්මිරිස් ඇට 2ක් එකට සපා කන්න.
  • සෙමට ඇඹුල් දොඩම් තේ හැන්දක ඉස්ම මී පැණි, සීනි සමඟ බොන්න.
  • සෙමට මී පැණි තේ හැන්දක්, නාරාං බික් 3, ඉඟුරු ඉස්ම සහ ලුණු කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර කන්න
  • පීනස සමඟ සෙමට ඉඟුරු පියළි රතුළූණු ගොටුකොළ දඬු තම්බා බොන්න.
  • පීනස සමඟ සෙමට කහ කුඩු තේ හැඳි 1/2 උණුවතුර කෝප්ප 1/2 ට දමා දියකර බොන්න
  • සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට දෙහි කොළ තම්බා දුම් අල්ලන්න
  • සෙම්ප්‍රතිශ්‍යව සහිත සෙමට බෙලි කොළ පාවට්ටා, නික කොළ තම්බා දුම් අල්ලන්න.


මේ ගැනත් සැලකීලිමත්වෙන්න මේ එදිනෙදා ගෙවල් වල සෙමට භාවිතා වෙන පුංචි අත්බෙහෙත් වර්ග කිහිපයක් විතරයි.ඔබ දන්නා මෙවැනි අත් බෙහෙත් ඇති නම් ඔබත් කමෙන්ට් කරන්න.ඔබට යම් අසාත්මිකතාවයක් ඇත්නම් අත්බෙහෙත් භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසුයි.ඒ වගේම සෙම රෝගය කල් පවතිනවා නම්, වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්,රෝගය උග්‍ර වේ නම් අත්බෙහෙත් කරමින් නොසිට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න

බෞද්ධයන්ට අහිමි කර විශ්ව විද්‍යාල


අද වෙනකොට හැමෝම බටහිර සංස්කෘතියට අනුව හැඩ ගැහිලා හෙළ වත් පිළිවෙත් නිකන් කොනකට දාලා තමයි ජීවත් වෙන්නේ.නමුත් අතීතයේ මිනිසුන් ජීවිතය ගොඩ නාගා ගත්තේ මේ බෞද්ධ සංස්කෘතියත් එක්ක.නමුත් අද වෙනකොට බෞද්ධ කියන වචනය තිබුනට උපතින් බෞද්ධ උන හැමෝමත් දුවන්නේ බටහිර ආකල්ප පස්සේ විතරයි.හෙළ වත් පිළිවෙත් හෙළ තාක්ෂණය, හෙළ දැනුමෙන් ප්‍රයෝජන ගන්න මිනිසුන් අඩුයි.ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ මුස්ලිම්වරුන් ගිනිතබා විනාශ කර බෞද්ධ විශ්ව විද්‍යාල ගැන නොදන්නා ඉතිහාසය ගැනයි.

ඉන්දියාවෙන් බුද්ධාගම අතු ගෑවිලා යන්න ප්‍රධානම හේතුව වුණේ මුස්ලිම් ආක්‍රමණ. එතෙක් කල් හින්දු ආගමිකයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ රැකගෙන ආපු බෞද්ධ විහාරාරාම සම්පූර්ණයෙන්ම භික්ෂූන් වහන්සේලා සමඟ ගිනිබත් කරල දාන්න මුස්ලිම්වරු කුරිරු විදිහට කටයුතු කළා. භික්ෂු සමාජයක පැවැත්මකින් තොරව බුද්ධාගම රැකෙන්නේ නැහැ. මේ නිසා සංඝ සමාජයෙන් තොර වුණු බුද්ධාගම, පරම්පරා කීපයකින් ඉන්දීය සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. අපි අද කතා කථා කරන්න යන්නේ මේ මුස්ලිම් ආක්‍රමණය නිසා බෞද්ධයන්ට අහිමි වුන පුරාණ ඉන්දියාවේ පැවැත්වුණු විශ්ව විද්‍යාල කීපයක් ගැන. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේවා බෞද්ධයන්ගේ උරුමයන් වගේම මානව සංහතියේ උරුමයන්. මෙම විශ්ව විද්‍යාලවලින් ඇති කරපු බුද්ධි සම්ප්‍රදාය දිගටම පැවතුණා නම් ඇතැම් විට අප ජීවත්වන ලෝකය මීට වඩා වෙනස් වෙන්න වුණත් ඉඩ කඩක් තිබ්බා. විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල වල තිබුන පුස්තකාලවල දැනුම් සම්භාරය මේ ආක්‍රමණය නිසා අපිට සදහටම අහිමි වුණා.

පුෂ්පගිරි විශ්ව විද්‍යාලය-වර්තමාන ඔරිස්සාවේ පිහිටලා තිබ්බ පුෂ්පගිරි විශ්වවිද්‍යාලය 11 වන සියවස දක්වා තමන්ගේ ආගමික සහ අධ්‍යාපන කටයුතු සිද්ධ කළා. ලලිතගිරි, රත්නගිරි සහ උදිත ගිරි යන කඳු ශිඛර ආශ්‍රිතව මෙම විශ්වවිද්‍යාලය පැතිරිලා තිබ්බා. ජනප්‍රවාදවලට අනුව අශෝක අධිරාජයා විසින් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කරලා තියෙනවා. මුලින් ථෙරවාදී සම්ප්‍රදාය කේන්ද්‍ර කර ගනිමින් අධ්‍යාපන කටයුතු සිද්ධ වුණත් පස්සෙ කාලෙක මහායාන සම්ප්‍රදායට බරවෙලා මෙහි අධ්‍යාපන කටයුතු සිද්ධ වුණා කියලා විශ්වාස කෙරෙනවා. ඔරිස්සාවට එල්ල වුණු මුස්ලිම් ආක්‍රමණත් එක්ක පුෂ්පගිරි විශ්ව විද්‍යාලයත් විනාශ වෙලා අතීත මතකයක් බවට පත් වුණා

ඕදන්තපුර විශ්ව විද්‍යාලය-ටිබෙට් සහ චීන වාර්තා වලට අනුව දොළොස් දහසක පමණ ශිෂ්‍ය පිරිසක් ඉගෙනගත්ත මේ ඕදන්තපුර විශ්ව විද්‍යාලය පිහිටලා තිබුණේ වර්තමාන බිහාරයේ. මේ විශ්වවිද්‍යාලය පාලි රාජවංශයේ ගෝපාල නම් රජු විසින් ආරම්භ කරපු විශ්ව විද්‍යාලයක් කියලා සැලකෙනවා. අටවැනි ශතවර්ෂයේ ඉඳන් දොළොස් වැනි ශතවර්ෂය වෙනකන් අවුරුදු 400ක් බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් කැප වුණු මේ විශ්වවිද්‍යාලය භක්තියාර් කිල්ජි නම් මුස්ලිම් ආක්‍රමණිකයා විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශයට පත් කළා.

ජගද්දලා විශ්ව විද්‍යාලය-පාල රාජවංශයේ රම්පාල නම් රජුගේ අනුග්‍රහය යටතේ ඉදිවුණු ජගද්දලා විශ්වවිද්‍යාලය පිහිටා තිබුණේ වර්තමාන බංග්ලාදේශයේ. ජගද්දලා විශ්වවිද්‍යාලය වජ්‍රයාන සම්ප්‍රදායේ භික්ෂූන් වහන්සේලාගේ කේන්ද්‍රස්ථානයක් වුණා. අද පවා ටිබෙට් ජාතිකයන්ගේ පූජනීය ග්‍රන්ථ වල අඩංගු බොහෝ පොත පත ලියැවී ඇත්තේ ජගද්දලා විශ්වවිද්‍යාලය තුළයි. මුස්ලිම් ආක්‍රමණිකයන් අනෙකුත් විශ්ව විද්‍යාල විනාශ කරන බව ආරංචිය ලද වහාම ජගද්දලා විශ්වවිද්‍යාලයේ බොහෝ පඬිවරු තමන්ට රැගෙන යා හැකි පොත පත රැගෙන ටිබෙටය වැනි රටවලට පළා ගියා. මේ නිසා ටිබෙටය තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුණා.

සෝමපුර විශ්ව විද්‍යාලය-මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන්න මුල් වෙන්නෙත් පාල රාජවංශයේ රජ කෙනෙක්. ඔහු ධර්මපාල රජු. මේ විශ්වවිද්‍යාලය තුළ බුද්ධාගම ජෛන ආගම සහ හින්දු ආගම තුලනාත්මකව හැදෑරීම සිදු කළා කියල සඳහන් වෙනවා. අක්කර 27ක භූමි භාගයක් පුරා පැතිරුණ මෙම විශ්ව විද්‍යාලයටත් අවසානයේදී මුස්ලිම් ආක්‍රමණ හමුවේ පරාජයට පත් වෙන්න සිද්ධ වුණා .දොළොස් වන සියවසේ සිට දහනවවන සියවස දක්වා මතකයෙන් ඈත් වෙලා තිබ්බ සෝමපුර විශ්වවිද්‍යාලය නැවතත් කැණීම් මගින් තහවුරු කරන්න පටන් ගත්තේ 1920 දී.

වලභි විශ්ව විද්‍යාලය-ඉන්දියාව තුළ බිහිවුනු එකම ථෙරවාදී විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන්නේ වලභි විශ්වවිද්‍යාලය. එය පිහිටා තිබුණේ වර්තමාන ගුජරාට ප්‍රදේශයේ. මේ විශ්ව විද්‍යාලය තුල බුද්ධාගම පමණක් නොව වෙනත් ලෞකික විද්‍යා සහ ශිල්ප ඉගැන්වූ බවට විශ්වාස කෙරෙනවා. උදාහරණයක් විදිහට නීති ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය වැනි විෂයය බටහිර විශ්ව විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට සිතීමටත් පෙර කාලයේ වලභි විශ්ව විද්‍යාලය තුළ උගන්වා තිබෙනවා. චීන දේශාටකයකු වන හියුන්සාං නම් භික්ෂුව කියන විදිහට ඒ වන විට භික්ෂූන් වහන්සේලා හය දහසක් සහ විහාරාරාම සීයක් වලභි විශ්ව විද්‍යාල සංකීර්ණය තුළ පැවතිලා තියෙනවා. මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් පළමු වරට වලභි විශ්වවිද්‍යාලය විනාශ කළත් එය නැවත වතාවක් ගොඩනැගීමට එම ප්‍රදේශය පාලනය කළ රජවරු සමත් වෙනවා. නමුත් දෙවෙනි වතාවට විනාශ කිරීමෙන් පසුව නම් වලභි විශ්වවිද්‍යාලය නැවත ගොඩනැගෙන්නේ නෑ.

වික්‍රමශීලා විශ්ව විද්‍යාලය-වික්‍රමශීලා විශ්වවිද්‍යාලය ගොඩ නගන්නෙත් පාල රාජ වංශයේ, ධර්මපාල රජු විසින්. වර්තමාන බිහරයේ පිහිටලා තිබුණු මේ වික්‍රමශීලාව තන්ත්‍රයානික බෞද්ධයන්ගේ ඉගෙනුම් කේන්ද්‍රස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. වික්‍රමශීලා විශ්ව විද්‍යාලය සහ නාලන්දා විශ්ව විද්‍යාලය අතර තරගයක් පැවතිලා තියෙනවා. මේ විශ්ව විද්‍යාලයත් අවසානයේ විනාශ කර දමන්නේ භක්තියාර් කිල්ජි විසින්.

නාලන්දා විශ්ව විද්‍යාලය-නාලන්දා විශ්ව විද්‍යාලය සැලකෙන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ බිහිවූ විශිෂ්ටතම විශ්ව විද්‍යාලය විදිහට. චීනය, ග්‍රීසිය, පර්සියාව වැනි රටවලින් ඉගෙනීම සඳහා නාලන්දාව වෙත ශිෂ්‍යයන් පැමිණිලා තියෙනවා. ඒ වගේම ඉන්දීය රජ වරු පමණක් නොව ඉන්දුනීසියාවේ ශෛලේන්ද්‍ර රාජවංශයේ රජවරු පවා නාලන්දාවට අනුග්‍රහය දක්වා තිබෙනවා. නාලන්දාව ආරම්භ කිරීමට මුල් වූයේ ගුප්ත රාජ වංශිකයන් ලෙස විශ්වාස කරනවා. ඒ පස්වැනි සියවසේ දී. නාලන්දාවේ සුවිශේෂී පුස්තකාල සංකීර්ණයක් පැවැති බවට සාක්ෂි හමු වෙනවා. එය රත්න සාගර, රත්න නිධි, රත්නජංක යන නම්වලින් හැඳින්වුණු පුස්තකාල තුනක එකතුවක්. අවසානයේ දී භක්තියාර් කිල්ජි විසින් මෙම විශ්ව විද්‍යාලයේ සියලුම නේවාසික භික්ෂුන් වහන්සේ ඝාතනය කරලා මුළු මහත් විශ්ව විද්‍යාලයටම ගිනි තබනවා.

දකුණේ රසට මාළු කුකුල් මස් ඇඹුල්තියල් හදන විදිය



කටට රසට කෑම කන්න කවුද අකමැති නේද..? ඒ නිසා ඔන්න අපි අද ඔබට මාතර පැත්තෙ උදවිය පිළියෙල කරගන්න විදිය හා කුකුල් මස් ඇඹුල්තියල් හදන විදිය ගැන කියලා දෙන්න හිතුවා .සමහර විට ඔයා දැනටමත් මේ විදියට මාළු කුකුල් මස් පිළියෙල කරගන්නවා ඇති. කොහොම උනත් දන්න නොදන්න හැමදෙනාම උත්සාහ කරලා බලන්න. ඔබට රසවත් ආහාර වේලක් හදාගන්න මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
මාතර පැත්තට ගියාම දෙවුන්දර,දික්වැල්ල,මිරිස්ස,වැලිගම වගේ දකුණු මුහුදු තීරය ආශ්‍රිත ප්‍රදේශ වලනම් ඉතිං හැමදාටම මාළු වලින් අඩුපාඩුවක් නෑ.ඒ ප්‍රදේශවල ඉන්න ගෘහනියන්ටත් කටට රසට මාළු පිළියෙල කරන්න හොඳට පුළුවන්. එහෙමනම් මුලින්ම මාළු ඇඹුල්තියල් හදන විදිය කියලා දෙන්නම් ඉස්සරවෙලාම මෙන්න මේ දේවල් ටික හොයා ගන්න ඕන.

  • මාළු කිලෝ ග්‍රෑම් එකක් (බලයන්,තලපත් හෝ කෙළවල්ලන් වඩාත් රසවත්ය)
  •  ගොරකා ග්‍රෑම් 10 ක් පමණ
  •  ගම්මිරිස් තේ හැදි 02 ක් පමණ
  •  අමුමිරිස් කරල් 4ක් 5ක්
  •  කහ තේ හැඳි කාලක් පමණ
  •  ලුණු මේස හැඳි 01
  •  සුදු ළූණු බික් 4 ක්
  •  වියළි මිරිස් තේ හැඳි 01 ක්
  •  රමිපෙ කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට
  •  තලාගත් ඉඟුරු කැබැල්ලක් සහ කුරුඳු කැබැල්ලක්
  •  කරාබු නැටි කිහිපයක්
  •  දැන් තියෙන්නෙ මාළු ඇඹුල් තියල් පිළියල කරගන්න එක.


මාළු කිලෝ ග්‍රෑම් 01 තරමක් කුඩා කැබලි වලට කපා හොඳින් සෝදාගන්න ඕන. සොදාගන්නා විට දෙහි ඇඹුල් ස්වල්පයක් ද එක්කරගන්න අමතක කරන්න එපා.පසුව ගොරකා කැබලි ටික උණු වතුරට දමා මද වේලාවකින් මිරිස් ගලක් භාවිතා කර අඹරාගන්න ඉඟුරු, සුදු ළූණු හා වියලි මිරිස් ද අඹරා ගන්න ඉන්පසුව ගොරකා, ගම්මිරිස්, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, ඉඟුරු, වියලි මිරිස්, සුදු ළූණු, කුරුඳු, ලුණු ,කරාබු නැටි ආදී සියල්ලම මැටි බඳුනක (මැටි බඳුන පතුලට කෙසෙල් කොළයක් දා ගන්නත් අමතක කරන්න එපා) දමා හොදින් අතින් මිශ්‍ර කරගන්න පසුව එයට වතුර කෝප්පයක් පමණ එක්කර වතුර හි‍‍ඳෙනතුරු සාමාන්‍ය රස්නයකට අඩිය යාන්තමට රොස් වන තුරු තම්බාගන්න ඕන.දැන් තියෙන්නෙ අවසන් රාජකාරිය. ඒ තමයි ඉතිං රස කර කර කන එක. තව දෙයක් කියන්න අමතක වුනා. මේකට ලුණු,ගම්මිරිස් වගේ දේවල් එකතු කර ගනිද්දි ඔයාගෙ කැමැත්තට අනුව ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන්.

ඇඹුල් තියල් කිව්වම අපි කොයි කාටත් මතක් වෙන්නේ මාළු වලින් හදන ඇඹුල් තියල්. හැබැයි මේ රසවත් කෑම වර්ගය හදන්න මාළු විතරක් නෙවෙයි තව වෙනත් මස් වර්ග උනත් යොදා ගන්න පුළුවන්. ඒ විදියටත් රසම රස ඇඹුල් තියල් හදා ගන්න පුළුවන්. එත් කොහොමද මේක කරන්නේ. මේක තමයි අපි ගෘහණියෝ හැමෝටම දැන් හිතට එන ප්‍රශ්නය. බය වෙන්නට අවශ්‍ය නෑ. ඔබට අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් මේ ලිපිය තුලින් අපි ලබා දෙනවා.එහෙනම් අහ ගන්නකෝ කුකුල් මස් වලින් ඇඹුල්තියල් හදා ගන්නේ කොහොමද කියලා අවශ්‍ය දේවල්

  • කුකුල් මස් 500g
  • ගොරකා පේස්ට් මේස හැඳි 2
  • ගම්මිරිස් මේස හැඳි 3
  • සුදුළූණු පේස්ට් මේස හැඳි 2
  • ඉඟුරු පේස්ට් තේ හැඳි 2
  •  අඹරාගත් කරපිංච තේ හැඳි 2
  • අඹරාගත් අමු මිරිස් තේ හැඳි 2
  • කරදමුංගු කුඩු තේ හැඳි ¼
  • ලුණු මේස හැඳි 2
  • වතුර 250ml


සාදාගන්නා ආකාරය මුලින්ම ගොරකා පේස්ට්, ගම්මිරිස්, අඹරාගත්ත අමුමිරිස්, අඹරාගත්ත කරපිංචා භාජනයකට දාලා හොදට අනාගන්න ඕනෙ. මෙහෙම හදාගන්න මිශ්‍රණය දියාරු එහෙම නෑ. තෙත ගතිය තියෙනවා යන්තම්. එච්චරයි. වතුර එහෙම දාන්න එපා තාම.ඊට පස්සෙ ඉඟුරු, සුදුළූණු පේස්ට් සහ ලුණු දමා හොදින් අනාගන්න. දැන් තව චුට්ටක් තෙත ගතිය වැඩිවෙයි පේස්ට් වල තියෙන තෙත ගතිය හින්දා.දැන් තියෙන්නෙ මේ හදාගත්ත මිශ්‍රණය කුකුල් මස් කැබලිවල ගාගන්න එක.ඔන්න දැන් තමයි අපි මේක ඇතිලියකට දාලා වතුර දාගන්න යන්නෙ. මැටි ඇතිලියක් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.ඊට පස්සෙ ඉතින් ඉස්ම හිඳෙනකන් මද ගින්නේ පිසගන්න තමයි තියෙන්නෙ. ඔච්චරයි.දැන් ඉස්ම හිඳෙනකන් මද ගින්නේ පිසගන්න තමයි තියෙන්නෙ. ඔන්න දැන් හදලා ඉවරයි.දැන් තියෙන්නේ මේක පවුලේ ආදරනියන් එක්ක එකතු වෙලා රස විදින්න. එහෙනම් අපි ගියා. ඔබේ රසවත් අත්දැකීම අපි එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. ඔබට ජය

මහා බෝධියේ අත්තක් කැපු උම්මත්තකයා



ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ පොළව මට්ටමෙන් ඉහළ විශේෂ පීඨයකය. එම විශේෂ පීඨය‍ට කිසිවෙක් පා තබන්නේ නැත. එය එතරම්ම පූජණීයය. වැඩ හිදිනා පීඨය ලෙස එම ස්ථානය හදුන්වයි. මේ වැඩ හිදිනා පීඨයද සමග මහ බෝධීය සදහා මලු හතක් පිහිටා තිබේ. එනම් වැලි මලුව, විහාර මලුව, දෙවැනි මලුව, රන්වැට මලුව, උඩමලුව පැරණි රන් වැට, මහ බෝ මලුව හා වැඩ හිදින පීඨයයි.සාමාන්‍ය ජනතාවට යාමට අවසර ඇත්තේ දෙවැනි මලුව වෙතය. එහි සිට වන්දනා මාන කටයුතුද කපු මහත්වරුන්‍ගේ දේවාශිර්වාද, විවිධ පූජා කටයුතු සිදුකල හැකිය. පසුගිය සියවසේ මුල් කාලයේදී වන්දනා කරුවන්ට මහ බෝධිය ආසන්නයටම යාමට අවසර තිබිණි. ඒ කාලයේ වන්දනාවේ එන අය මහබෝධිය දක්වාම ගොස් වන්දනා මාන කලහ. එය දෙවැනි මලුව ( අද වන්දනා කරන තැන ) දක්වා සීමා ඌයේ 1929 ජූලි 30 වැනිදා වූ සිදුවීමක් පදනම් කරගෙනය.

එදා උදේ ජේමිස් අප්පු නැමැති අයෙක් මහා බෝධිය වෙත පැමිණ ඇත. මලුවේ සිට ඇත්තේ ඔහු පමණි. අද මෙන් වන්දනා කරුවන් පිරිසකගෙන් පිරී නොපවතින අවධියකි. ඒ කාලයේදී ඉදහිට එන අයෙකු දෙන්නෙකු මහා බෝධිය අභියසට ගොස් වන්දනා කර යන්නේය. ජේමිස් එදා ආවේ මහ බෝ වදින්නට නොවේ. වට පිට බලා මහ බෝධිය පගට ගිය ඔහු පොරවක් රැගෙන බෝධියේ අත්තකට වේගයෙන් කොටන්නට විය. බෝධි මලුවේ කිසිවෙක් නැත. ඒ නිසා ජේමිස් පාඩුවේ මහ බෝධියේ අත්තට කොටමින් සිටී.මහ බෝධිය පැත්තෙන් ගහට කොටන හඩක් ආවාසයේ වැඩ සිටි හාමුදුරුවන්ට හා කැප කරුවාට ඇසී ඇත. මේ දෙන්නා කෑ ගසමින් මහ බෝධිය දෙසට දිව ආහ. නමුත් ඒ වනවිටත් ජේමිස් මහ බෝධියේ විශාල අත්තක් සම්පූර්ණයෙන් කපා දමා තිබුණි.

මෙය ජේමිස් කලේ ඇයිද යන්නට විවිධ කථා ප්‍රවෘත්ති එවක පලවිණි. සමහරු කීවේ ජේමිස් මෙය උන්මත්තකව කල වැඩක් යනුවෙනි. තවත් අය කීවේ ජේමිස් බීමතින් කරන්නට ඇති බවය. සමහරැ පැවසුවේ අන්‍යාගමිකයන්ගේ පෙළඹවීම මත ඔහු එය කර ඇති බවය. කෙසේ වෙතත් ජේමිස් කල පාඩුව ආපසු හැරවීමට කාටවත්ම නොහැකි විය. එය ඒ නිසා විශාල පාඩුවක් බවටම පත්විය. ජේමිස් විසින් කැපූ අත්ත ආදාහනය කෙ‍රිනි. ඒ සදහා විශාල පිරිසක් සහභාගි විය. අදත් ජය ශ්‍රී මහා බෝධියේ චායාරූපයේ කපන ලද අත්තක කොටසක් ලෙස දැක්වෙන්නේ එදා ජේමිස් බෝධියට කල විනාශයයි. ඒ අනුව මහ බෝධියේ ආරක්ෂාව සදහා එකලම අටමස්ථානාධිපති නාහිමියෝ මුල් වී යකඩින් වැටක් සවි කරවා තිබේ.. එම යකඩ වැට සවිකලාට පසු වන්දනා කරුවන්ට පවා මහ බෝධිය අසලට යාම සීමා කෙරිනි. අදටත් පවතින්නේ ජේමිස් කල අපරාධයෙන් මසු මහ බෝධියේ ආරක්ෂාව උදෙසා ගත් තීරණයේ ප්‍රතිඵලයයි.

දැන් යකඩ වැට වෙනුවට විශේෂ රන්වැට පිහිටා ඇත. දැනට අවුරුදු 15- 20 කට පෙර මහා බෝධියේ අලුත් රිකිල්ලක් හටගැණිනි. එය දුර්ලභ ලෙස සිදු වූවකි. මේ වනවිට එම රිකිල්ල ඉතාම හොදින් වැඩී පැවතීම සමස්ථ බෞද්ධ ප්‍රජාවගේම වාසනාවක් ලෙස දැක්විය හැකිය.ජය ශ්‍රී මහා බෝධිය අපේ රටේ ජනතාව කවර විපතක් වේවා, කවර සැපතක් වේවා, කලින් සිහිපත් කරන උතුම් ස්ථානයකි. ජය ශ්‍රී මහා බෝධිය අසලට ප්‍රතිපත්තියෙන් පේ වී පැමිණ පුද පූජා පවත්වා තමන්ගේ යහපත් කාරණා කී විට එය ඉෂ්ඨ වන බව බොහෝ සැදැහැවත්තු සලකති. මේ පිලිබද නොයෙක් කථා අතරින් දඹදිව ජය ශ්‍රී මහා බෝධි ඉතිහාසයේ එක් කථාවක් උපුටා දක්වමි. සුජාතා සිටු දියණිය දරු සම්පතක් පතා ඇසතු බෝධියට බාරයක් වූවාය. සිද්ධාර්ථ බෝධි සත්වයෝ බෝමැඩ සම්බුද්ධත්වය අධිෂ්ඨාන කල දා සුජාතාව කිරිපිඩු පූජා කලේ දරු සම්පත ලද සතුට මෙන්ම බාරය ඔප්පු සිද්ධ කිරීම වෙනුවෙනි. ඒ අනුව අතීතයේ පටන් ඇසතු බෝධිය නොයෙක් බාර හාර වෙනුවෙන් මහ ජනයා භාවිතා කර ඇති බව පෙනේ.

එය වඩාත් අර්ථ සම්පන්න වූයේ මහ බෝසතාණන් සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු ඇසතු බෝධිය සියලු බෞද්ධ ජනතාවගේ පූජා භක්තියට වැඩ වැඩියෙන් පාත්‍ර වූ බැවිනි.ලක්දිව පිහිටි ජය ශ්‍රී මහා බෝධියද සියලු බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථණීය බෝධියක් බවට පත්ව ඇත. කවර සුභ කටයුත්තකටත් පෙර අපේ රටේ ජනයා මහ බෝ වැද ආශිර්වාද ලබා ගනිති. යම් යම් අපල අපද්‍රවයන්, රෝග පීඩා ආදිය ප්‍රශ්න, ගැටලු, දුෂ්කර කාල සමයන් හිදී මහ බෝධිය වෙත පැමිණ පුද පූජා පවත්වා තම තමන්ගේ දුක සැලකොට නිවීම සැනසීම ඉල්ලා සිටිති. පැරණි කාව්‍යයන්හිද මහ බෝ අනුහස මහ ජනයා පැතූ ආකාරයටම පහත පරිදි දැක්විය හැකිය.

මහ බෝධිය බුදුරජාණන් වහන්සේ හා සම‍ාන ජීවමාන වස්තුවකි. රටේ යම් විපතක් දුෂ්කර කාල සීමාවක් පවා මහ බෝධියේ විවිධ පක්ෂණ වලින් විද්‍යාමාන වන බව ජනශ්‍රැත පර්යේෂක මාමිණිය‍ාවේ ඉලංගසිංහ මහතා පවසයි.රටේ දුගති දායක කාල පරිච්ඡේද වලදී මහ බෝධියේ පත්‍ර අදුරු පැහැ ගන්නා බව කියැවේ. එසේම රටේ යහපත් කාල සීමාවන් හිදී මහ බෝපත්‍ර රන් වන් පාටින් දිදුලන බවද කියැවේ. එය අපූර්ව හාස්කමක් හැටියට සැලකිය හැකිය. සමහරක් මහ බෝ පින්කම් අවස්ථාවල බෝපත්‍ර රන් වන් පාටින් දිදුලීම බොහෝ දෙනා දුටු ආශ්චර්යමත් සිදුවීමක් ලෙස දැක්විය හැකිය. එසේම රටේ විපත්තිකර අවස්ථාවල බෝධිය එය පෙර දැක් වූ ආකාරය මාමිණියාවේ ඉලංග සිංහ මහතා අපිට විස්තර කලේය.

ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ බෝම්පයකට හසුවීමට දින කිහිපයකට පෙර මහ බෝධි වන්දනාවට පැමිණි අවස්ථාවේ බෝධියේ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් පෙන්නුම් කලේ දිසානායක මහතාට යම් විපතක් සිදුවීමේ ඉඩකඩ පවතින බවය. එසේම චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ජනාධිපතිනිය සමයේ මහබෝ වදින්නට පැමිණියාය. එදිනද මහ බෝ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් දින කිහිපයක් ඇවෑමෙන් ජනාධිපතිනිය සමභාගී වූ රැස්වීමේ බෝම්බ පුපුරා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර එතුමියගේද ඇසක් ආභාධයට ලක්විය.

මේව බොරු නෙවෙයි. මහ බෝධිය රටේ විපත් අවස්ථා පෙන්නුම් කරනවා. රටේ දේශපාලන අවුල් වියවුල් පවතින අවස්ථාවල බේ පත්‍ර අදුරු පාට වෙනවා. පසුගිය කාලයේත් එහෙම උනා. මහ බෝධියේ සිදුවන සුලු සුනු වෙනස්කම් ගැඹුරින් නිරීක්ෂණය කලොත් රටේ උදා වී ඇති තත්වය මෙන්ම ඉදිරියට උදාවන්නේ හොද කාලයක්ද නරක කාලයක්ද කියල තීරණය කරන්න පුලුවන්. ශ්‍රී මහා බෝදිය කියන්නේ මේ රටේ ආරක්ෂක වස්තුවක්. ඉලංගසිංහ මහතා කීවේය.

දරුසම්පත් හිමි කරගන්න පුජාවක්



අධ්‍යාත්මික ආලෝකය ලැබීමෙන් මිනිසා දේවත්වයට පැමිණේ. මිනිස් ජීවිතය බලාපොරොත්තු රහිත අවස්ථාවන්හි සැලකිය යුතු වෙනස්වීම්වලට පෙරළෙන්නේ මේ අධ්‍යාත්මික ආලෝකයේ බලයෙනි. සිරුරේ ජරා ජීර්ණත්වය, සිතෙහි පහළවෙන මමත්වයත් ජීවිතය ඉදිරියෙහි පවත්නා අන්ධකාරයත්, ක්‍රමයෙන් අමරණීයත්වයට, ඍජු බවට සහ ආලෝකයට හරවා ගැනීමට යෝග ධර්ම හැදෑරීම අවශ්‍ය වේ. මිනිස් සිරුර, සිත සහ ආධ්‍යාත්මය ක්‍රියාවෙහි යෙදෙන්නේ ඒ එකිනෙකට අනුරූපවූ ද්‍රව්‍ය, චෛතසික සහ ආධ්‍යාත්මික තලයන්හී යයි කල්පනා කල යුතුය.

දියුණු කල සිත මහත් බලයකි. ඉන් කල හැකි ක්‍රියා අතර රෝගීන් සුව කිරීම, ද්‍රව්‍යයන් වෙනස් කිරීම සහ සිත්හී පහලවන බිහිසුනු රූප නැති කිරීමද වේ. චෛතසික බලය ඉපදවූ තැනැත්තා ස්වකීය ආත්මය වැඩුනු මල් කැනක් මේන් පුබුදුවයි. ඔහු ආශ්‍රයට පැමිණෙන බොහෝ දෙන ඒ ආත්ම පුෂ්පයෙන් විහිදෙන සුවඳින් ප්‍රමුදිත වෙයි. ආත්මාලෝකය ලැබූවෙකු ආදර්ශයට ගැනීමෙන් පහත් දිවි පෙවෙතක් ඇත්තෙකුට වුවද ආධ්‍යාත්මික බලයක් ඇතිකර ගැනීමේ මාර්ග යට පිවිසිය හැක.සමාධී සෙවණට දිනකට විශාල ප්‍රමානයක් දුරකථන ඇමතුම් ලැබේ. ඔවුන් සියළු දෙනාම මා හමුවීමට දැඩි කැමැත්තක් දක්වයි. නමුදු දිනයක්, වේලාවක්, වෙන් කරවාගෙන ඔබ මා හමුවන්නේ නම්, එය ඔබටත්, මටත් විශාල පහසුවක් බව දැනුම් දෙන්නේ ඉතා ගෞරවයෙනි. ඇතම් අය දුරකථන ඇමතුම් ලබා දී අසන්නේ දරු පිළිසිඳ ගැනීමකට නම් බෝධි පූජා තබන ආකාරය ගැනයි. එක් එක් අයගේ කර්මය සහ ඕරා ශක්තිය අනුව බෝධි පූජා පවත්වන ආකාරය සහ වත් පිලිවෙත් වෙනස් වේ- එසේම සජ්ජායනා කල යුතු පිරිත් ද වෙනස් වේ.

එන් දිනක් මා රාත්‍රියේ ලොව්තුරා බුදු පියානන් වහන්සේගේ ද්‍රෝනයක් වූ ධාතුන්වහන්සේලා නිදන් කර ඇති රුවන්වැලි මහ මළුවේ බවුන් වඩමින් සිටි යෙමි. ඒ අසල ම යුවලක් ඉතාම ශබ්දනගා ඉතිපිසෝ භගවා ගාථාව විශාල වාර ගනනක් සජ්ජායනය කරන ආකාරය මට ඇසුනි. භාවනාවෙන් ඔවුන් දෙදෙනා කුමක් සඳහා මෙම ගාථාව සජ්ජායනා කරන්නේදයි මා බැලුවෙමි. විවාහ වී වසර ගනණාවක් වුනත් ඔවුන්ට දරුසම්පත අහිමි වී ඇති බව මා වටහා ගතිමි. ඔවුන් දෙදෙනාට මා කථාකර සජ්ජායනය කල යුතු ගාථාව කුමක්ද කියා වටහා දුන්නෙමි. මාගේ ලිපිනය සහ දුරකථන අංකය පෙරත්ත කොට ඉල්ලා සිටියත්, මා එය ඔවුනට ලබාදුන්නෙ නොදුන්නෙමි.

ඔහු ලංකාවේ ප්‍රසිද්ද වාදන කන්ඩායමක වයලීන් වාදකයෙකි .ඔවුන්ගේ කර්ම ශක්තිය හීන වී පැතුම් ඉටුවන්නට රුවන්වැලි මහා සෑයට පූජා කටයුතු කරන ආකාරයද මම ඔවුනට කියා දුන්නෙමි. මා සජ්ජායනා කරන්නට ඔවුන්ට කියූ ගාථාව කියමින් රුවන්වැලි මහා සෑය වටේ පැදකුණු කරනවා දුටුවවෙමි. පසු කාලක රාත්‍රියකදී ඇය ගැබ්බරව සුදු මල් වට්ටියක්ද රැගෙන ස්වාමි පුරුෂයා සමග නැවත රුවන්වැලි මහා සෑය වදින්නට පැමිණ සිටිනවා දැකීම මගේ සිතට සතුටක් ගෙන දුනි. සුදු මල් වට්ටියක්, ලොව්තුරා බුදු පියානන් වහන්සේගේ ද්‍රෝනයක් වූ ධාතුන්වහන්සේලා නිදන් කර ඇති රුවන්වැලි මහා සෑයට පූජා කර ඔබගේ අහිංසක ප්‍රාර්ථනාව කරන්න. එය ඒකාන්තයෙන්ම ඉටු වේවි. ඔබගේ ඉල්ලීම ඉල්ලන්නට කලින් ඉතා පිරිසිදුව කල යුතු වත් පිලිවෙත් තිබෙන බවද ඔබ දත යුතුයි. පිහිටක් අවශ්‍ය ඔබට මා දුරකථනයෙන් පිළිතුරු නොදෙන බවත් ඔබගේ කර්ම ශක්තිය බලා එයට නිසි විසදුම් ලබා ගැනීමට මා හමුවිය යුතු බවත්, ඒ සඳහා දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් වේලාවක් වෙන් කරගෙන පැමිණෙන ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලමි.

තවද මා ශාස්ත්‍ර කියන්නෙකු නොවන බවද ඔබ සිතට ගත යුතුය- ඔබගේ ගැටළුවට මා විසදුම් සොයන්නේ භාවනාවෙන් බවත්, ඔබගේ පැතුම් ඉටුකර ගැනීමට නම් මා නියම කරන වත් පිලිවෙත් ඉතා ශ්‍රද්ධාවෙන් නිසි පිළිවෙලට ඔබ එය කල යුතු බවත් තරයේ මතක තබාගත යුතුයි. තවද“සමාධී සෙවණ ” තවත් එක් ශාස්ත්‍ර පොලක් නොවන බවත්, ඔබගේ ගැටළුව සත්‍ය ලෙසම මාහට පවසා ඔබගේ ඕරා ශක්තිය සහ කර්ම ශක්තිය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මා ලබාදෙන උපදෙස් අනුව වත් පිලිවෙත් ඉටු කිරීමෙන් සත්‍ය ලෙස ඔබගේ පැතුම් ඉටුවන බව කාරුනිකව දන්වමි. රෝගී පුද්ගලයා තුලිනුත් නිරෝගී පුද්ගලයා තුලිනුත් පින්වත් ඔබ දක්‍ෂ නම් කුසල් අකුසල් මූලයන්ගේ යථා ස්භාවය මතුකොට ගන්න. ඒ මතුකොට ගැනීම තුලම පින්වත් ඔබ සම්මා දිට්ඨියට පත්වීමට අවශ්‍ය කාරණා ජීවිතයට එකතු කොට ගන්න.

ඉහත කාරනය නිසාමයි රෝගියා දේව දූතයෙකු කියන අර්ථය ලොව්තුරා බුදු පියානන් වහන්සේ දේශනා කරන්නේ. ලොව්තුරා බුදු පියානන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගයේ ගමන් කරන පිංවතා තුවාල වලට බෙහෙත් දැමීමට දැන ගත යුතුයි කියලා. මෙහිදී තුවාලය කියන්නේ ආයතන හයයි. මෙම තුවාල ඇතිකරගන්නේ අවිද්‍යාව කියන විසබීජයෙන්. ඇසෙන් රෑප දැක, කනෙන් ශබ්ද අසා, මනසින් සිතුවිලි සිතමින් අකුසල් අරමුනු ඇතිකර ගැනීමෙන් නිරතුරුවම අපි තුවාල වැඩි කරගන්නවා. සත්වයා කියන තුවාලය නිරතුරුවම වේදනා නැමති කෝටුවෙන් හෑරීමට ලක්කර ගන්නවා. අප අනුන්ගේ තුවාල සනීප කලත් ඇස කන නාසය නිසා භවයට ඔඩුදුවන තුවාල අපි ඇති කර ගන්නවානම් එය අපේ භව ගමනට රිදුම් දෙන තුවාලයක් වෙනවා.එම දේශනාවේම ලොව්තුරා බුදු පියානන් වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගයේ ගමන් කරන දක්‍ෂයා සුදුසු හොඳ තණ බිම් දැන ගත යුතුයි කියලා. මෙතනදී හොඳ තණ බිම් කියලා ලොව්තුරා බුදු පියානන් වහන්සේ හදුන් වන්නෙ ධර්මධර, විනයධර, මහා සංඝ රත්නයයි- කල්‍යාන මිත්‍ර ඇසුරයි. ඉහත හොඳ තණ බිම් ඇසුරු කිරීම තුලින් භවයට ඔඩුදුවන රිදුම් දෙන තුවාල සනීප කොට ගැනීමට හැකිය.මහගොඩගේ යෝගී තුමා සුබනෙතින් ගෙනෙන විශේෂ ලිපිපෙළක් ඇසුරෙනි. මහගොඩගේ යෝගී තුමා සමාධී සෙවණ කැස්බෑව 076 3687 313 / 070 3391 162

ඇස් පෙනීම වැඩි කරන ස්වභාවික පානයක්


ඔබේ ඇස් පෙනීම වැඩි කර ගන්නත්, ඇස් වටා ප්‍රදේශයට ඉතා හොඳ සත්කාරයක් ලබා දෙන්නටත් හැකි පුදුමාකාර සංයෝගයක් තියෙනවා. පුදුමය කියන්නේ මේක හදන්න අවශ්‍ය වෙන්නේ අපිට ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් දේවල් කිහිපයක් විතරයි. හදා ගන්නත් විශාල දැනුමක් ඕන වෙන්නේ නෑ, මේකේ කියලා තියෙන දේවල් ටික කරන්න විතරයි තියෙන්නේ.මේ සංයෝගය සමහර වෙලාවට අවිදුර දෘෂ්ටිකත්වය (දුර නොපෙනීම) කියන අක්ෂි රෝගය හොඳ කරන්නත් සමත් කියලා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. ලංකාවේ වැඩි දෙනෙක්ට තරුණ කාලේදී තියන ප්‍රශ්නයක් තමයි මේක, මොකද දිගටම පොත් පාඩම් කරලා, ෆෝන් තිර, මොනිටර් දිහා බලා ගෙන ඉඳලා ඇස් වලට දුර දකින්න හරිම අමාරු වෙලානේ තියෙන්නේ.

ඒ වගේම මේක ස්වභාවික දේවල් පාවිච්චි කරලා හදන නිසා කවදාවත් අතුරු ආබාධ ඇති වෙන්න ඉඩක් නැහැ. අනික යොදා ගන්න හැම දෙයක්ම ඉතා අඩු මිලට ලබා ගන්න පුළුවන් නිසා දොස්තරලා චැනල් කරලා, ෆාමසි ගානේ රස්තියාදු වෙලා සල්ලි නාස්ති කරන්න අවශ්‍යත් නෑ. ඇස පෙනීම වර්ධනය කරනවාට අමතරව මෙමගින් ඇස වටා ප්‍රදේශයට ලබා දෙන සත්කාරය නිසා එහි ඇති තද පැහැය ඉවත් වෙලා, එල්ලා වැටීම නැති වෙලා මුහුණට බොහොම තරුණ පාටක් ලබා ගන්න පුළුවන්. තවත් කිව්වොත් අපේ ඇඟ නීරෝගී කරන පෝෂක වර්ග බොහෝමයකුත් මෙයින් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබේ කොණ්ඩයට මෙයින් හොඳ පෝෂණයක් ලබා ගන්න පුළුවන්. මේක කරන්න ගත්තාම කොණ්ඩය කැඩී යන එක සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා කියලා ඔබටම වැටහේවි.

ඉතින් මේක ඇත්තටම හදලා බලන්න වටිනවා නේද? මේකට අවශ්‍ය දේවල් ප්‍රමාණය බොහොම සුළු වුණත්, හදා ගන්න යන වෙලාව පොඩ්ඩක් වුනත් ලබා ගන්න පුළුවන් සෞඛ්‍යමය ප්‍රයෝජන නම් ඇති මහත්. මේක හදා ගන්න පහලින් තියෙන උපදෙස් ටික අනුගමනය කරන්නයි තියෙන්නේ. ඕන කරන දේවල් ටික මෙන්න.


  • සුදු ළූණු බික් 3ක්.
  • පිරිසිදු මී පැණි මේස හැඳි 10ක්. ආයුර්වේද වෙළඳසැලකින් ගන්න.
  • හණ ඇට ග්‍රෑම් 200ක්. මේකත් එතැනින්ම ගන්න පුළුවන්.
  • ලෙමන් ගෙඩි 4ක්.


මුලින්ම සුදු ළූණු ටික පොතු ඇරලා අරගෙන වංගෙඩියකට දාලා හොඳට කොටා ගන්න. ලෙමන් ගෙඩි වල පිට පොත්ත ඉවත් කරලා සිහින් පෙති වලට කපන්න. මේක පුළුවන් තරම් හීනි වෙන තරමට හොඳයි. මේ ලෙමන් පෙති ටික වීදුරු ජෝග්ගුවකට දාල ඊට උඩින් හොඳින් කොටා ගත්තු සුදු ළූණු ටික දාන්න. දැන් හණ ඇට ටිකයි, මී පැණියි මේකට දාලා ලී හැන්දකින් හොඳට මිශ්‍ර කරන්න. (පොල් කටු හැන්දක මිට වුනත් පාවිච්චි කරන්න පුළුවන්) ඊට පස්සේ මේකේ මූඩිය තදට වහලා සිසිල් තැනක තියන්න. මතක තියා ගන්න මේක නරක් නොවෙන නිසා ශීතකරණයේ තියන්න අවශ්‍ය නෑ.

දැන් හැමදාම කෑමට කලින් මේකෙන් මේස හැන්දක් අරගෙන කන්න. මේක දවසේ කන ප්‍රධාන ආහාර වේල් තුනටම විනාඩි කිහිපයකට කලින් කන්න අවශ්‍යයි. මේක ඇතුලතින් පෝෂණය ලබා දෙන ක්‍රමයක් නිසා ඇස වටා ආලේප කරන්නේ නැහැ හොඳේ?කලිනුත් කිව්වා වගේ මෙහි අඩංගු ස්වභාවික සංයෝග වලින් ඔබට විශාල පෝෂණ ගුණයක් ලබා දෙනවා. වැඩි කාලයක් නොයාම ඔබට ප්‍රතිඵල අත් විඳින්න පුළුවන්. බොහෝ වෙලාවට ඔබ හදා ගත්තු පළමු මිශ්‍රණ ජෝග්ගුව අවසන් වෙන්නත් කලින්ම ඔබේ ඇස් පෙනීම දියුණු වෙලා, ඇස් වටා කළු ලප ඉවත් වෙලා, ඔබේ කොණ්ඩය වෙනදාට වඩා පිරිපුන් වෙලා තියෙන බව දකින්නට පුළුවන් වේවි. ඔබ අවුරුදු 35ට වැඩි කෙනෙක් නම් තරුණ පෙනුමකුත් නිකන්ම ලැබේවි. ඒ නිසා නවත්වන්නේ නැතිව දිගටම මේක පාවිච්චියට ගන්න.

ඇස් පෙනීම වර්ධනය කරන අක්ෂි ව්‍යායාම් 10ක්-එක දිගට වරු ගණන් පරිගණක තිරය හෝ රූපවාහිනිය දෙස බලාගෙන සිටීම ඇස් වලට කිසිසේත්ම හොඳ නැහැ. ඉක්මණින් කන්නාඩි පළදින්න වනවා සේම ඇස් වියලීම, ඇස් කැසීම, හිසරදය වැනි අතුරු ආබාධ එන්නටත් පුළුවන්. එත් එහෙමයි කියල, රූපවාහිනිය හෝ පරිගණකය නරඹන එක නතර කිරීම ප්‍රායෝගික නැහැ. නමුත් ඒ දේවල් කරන අතරතුරම ඇස් වල ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් ව්‍යායාම කිහිපයක් නම් තිබෙනවා.ඉතින් අද දවසේ අපි සඳහන් කරන්න යන්නේ ඉතා පහසුවෙන් ඇස් වලට කරන්න පුළුවන් ව්‍යායාම දහයක් පිළිබඳවයි.වේලාව තිබෙන විදිහට මේ ව්‍යායාම ටික හැමදාම කළොත් ඉක්මනට කන්නාඩි දාන වෙන එකකුත් නැහැ, කලින් කියපු අතුරු ආබාධ එන එකකුත් නැහැ. එසේම ටික දවසක් කරනකොට ඇස් වල පැහැදිලි වෙනසකුත් තිබෙන බව ඔබට තේරේවි.

අඳුර දෙස බලා සිටීම-ප්‍රථමයෙන්ම අත් දෙක බොකුටු කර, වටපිටාවේ ඇති දේවල් සහ ආලෝකය නොපෙනනෙන ලෙසට ඇස් දෙකම වසා ගන්න. ඇස් දෙක විවෘත කර මේ දැඩි අන්ධකාරය දෙස විනාඩි කිහිපයක් බලා සිටින්න.

ඇස් දෙපසට ගෙන යාම-පහසු තැනක සිටගන්න. නැත්නම් පුටුවක කොන්ද කෙලින් තබා වාඩි වෙන්න. දැන් ඔලුව හරවන්නේ නැතුව ඇස් දෙක පමණක් කරකවා වම් පැත්ත බලන්න. ඒ පෙනෙන දේට දෑස් යොමා හොඳින් බලා සිටින්න. ඊළඟට ඔලුව හරවන්නේ නැතුව දකුණට ඇස් හරවා බලා සිටින්න. මේ ආකාරයට ඇස් දෙකෙන් පස්වරක් වම සහ දකුණ බලන්න. මේ චක්‍රය 3 වරක් පමණ කරන්න.

ඇස් ඉහළ පහළ ගෙන යාම-කලින් කියූ සේම පහසු තැනක සිටගන්න. නැත්නම් කෙලින් වාඩි වෙන්න. ඇස් දෙක ඉහළට කරකවා උඩ බලන්න. අවශ්‍ය නම් නළල රැලි වට්ටන්න. ඔබට පෙනෙන දේ ගැන දෑස් යොමා සිටින්න. ඊළඟට ඔලුව හරවන්නේ නැතුව ඇස් දෙකෙන් පහල බලන්න. මේ ආකාරයට ඇස් දෙකෙන් පස්වරක් ඉහළ සහ පහළ බලන්න. මේ චක්‍රයත් 3 වරක් පමණ කරන්න.

ඇස් විකරණය දිගේ දෙපසට ගෙන යාම-නැවතත් පහසු තැනක සිටගන්න. නැත්නම් කෙලින් වාඩි වෙන්න. ඇස් වලින් වම් පස පහළ බලන්න. දැන් ඇස් එහි විකරණය දිගේ ගෙන යමින් දකුණු පස ඉහළ බලන්න. මෙලෙස ඇස් දෙක පස්වරක් දෙපසට විකරණය දිගේ ගෙන යන්න. මේ චක්‍රයත් 3 වරක් පමණ කරන්න.

ඇස් රවුමට කරකැවීම-පහසු තැනක වාඩි වෙන්න. ඇස් වලින් වම් පස පහළ බලන්න. දැන් ඇස් රවුමට පස්වරක් දක්ෂිණාවර්තව කරකවන්න. ඉන්පසු වාමාවර්තව පස්වරක් කරකවන්න. මේ චක්‍රයත් 3 වරක් පමණ කරන්න.

ළඟ සහ දුර බැලීම-පැන්සලක් හෝ අතේ ඇඟිල්ලක් ඇස්වලට සෙන්ටිමීටර් 20ක් ඉදිරියෙන් නාසයට කෙලින් තබාගන්න. දැන් මේ පැන්සල හෝ ඇඟිල්ල දෙස බලන්න. ඉන්පසු ඒ කෙලින්ම ඈත තිබෙන දෙයකට ඇස් යොමු කර හොඳින් ඒ දෙය දෙස බලන්න. නැවතත් පැන්සල දිහා බලන්න. මේ ආකාරයට පස් වරක් ඈත සහ ළඟ බලන්න. මේ චක්‍රයක් 3 වරක් පමණ කරන්න.

දෑස් යොමා සිටීම-පුටුවක් මත කෙලින් වාඩි වී හරි කෙළින් ඉදිරිය බලන්න. ඊළඟට ඇහි බැම දෙක අතර ලක්ෂ්‍යයක් දෙස බලා තත්පර කිහිපයක් දෑස අයාගෙන සිටින්න. නැවතත් ඉදිරිය බලන්න. මෙලෙසට පස්වරක් ඈත සහ ළඟ බලන්න. මේ චක්‍රය 3 වරක් පමණ කරන්න.

දෑස් යොමා සිටීමේ දෙවන ක්‍රමය-පුටුවක් මත කෙළින් වාඩි වී හරි කෙළින් ඉදිරිය බලන්න. ඊළඟට නාසයේ කෙළවර දෙස බලා තත්පර කිහිපයක් දෑස අයාගෙන සිටින්න. නැවතත් ඉදිරිය බලන්න. මෙලෙස පස්වරක් ඈත සහ ළඟ බලන්න. මේ චක්‍රයක් 3 වරක් පමණ කරන්න.

ඇස් තෙරපීම-ඇස් දෙක හොඳින් වසාගන්න. ඉන්පසු අත් දෙකින් ඇස් දෙක වැඩිය තද නොකර ලාවට තත්පර දෙක තුනක් මිරිකන්න. ඉන්පසු ඇස් දෙක වටා ඇති මස්පිඩු බුරුල් කරන්න. නැවතත් ඇස් දෙක මිරිකන්න. මේ විදියට දස වතාවක් කරන්න.

ඇස් තෙරපීම-ඇස් දෙක හොඳින් වසාගන්න. ඉන්පසු පිල්ලම් දෙක ලාවට රවුමට තෙරපන්න. ඉතා තදින් මිරිකන්නත් එපා. මේ ආකාරයට වරකට වාමාවර්තවත්, අනෙක් වර දක්ෂිණාවර්තවත් ලෙස දස වතාවක් (එක දිශාවකට 5 බැගින්) ඇස් දෙක තෙරපන්න.

බුදු ඇසින් දුටු ලෝකය




බුදුන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රාහ්මණ ආදී විවිධ පුද්ගලයන්, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ.

බුද්ධ කාලයේදී විශ්වයේ ගුප්තභාවය සෙවීමට උනන්දු වූ එක් බලසම්පන්න ඍෂිවරයෙකු ඍද්ධිබලයෙන් වසර සියයක් පමණ විශ්වයේ සැරිසරා විශ්වයේදීම මිය ගිය බවත්, ඍද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය ගැන සෙවීමට විශ්වයේ සැරිසරන විට බුදුන්වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගෙන්වා, -විශ්වයේ කෙළවරක් නොමැති බවත් විශ්වය ගැන සෙවීම අගක් මුලක් නැති නිශ්ඵල කි‍්‍රයාවක් බවත්” වදාළහ.

විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ, -බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරී මැරී දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට” බවයි.

බුදුන්වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප‍්‍රඥාව දියුණු කරගත් අසමසම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන්වේ. ඉන් ‘සමතැස’ යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප‍්‍රඥාවයි.

බුදුන් වහන්සේ ලෝක විෂය ගැන කරුණු දැක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් යම් යම් පුද්ගලයන්, යම් යම් අවස්ථාවල ඇසූ ප‍්‍රශ්න වලට කරුණු දැක්වීමේදී ඒ තුළ ලෝකයේ ආරම්භය, විනාශය හා විශ්වය ගැන කරුණු සඳහන් වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයේ හා ‘සීහනාද’ සූත‍්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් ‘සප්ත සූර්යෝද්ගමන’ සූත‍්‍රයේ ලෝකයේ විනාශය ගැනත් කරුණු අන්තර්ගත වී තිබේ.එක් අවස්ථාවක ආනන්ද හිමියෝ, ලෝකය හා වෙනත් ග‍්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයට උන්වහන්්සේ කරුණු දැක්වීමේදී,


  1.  සහස්සි චූලනිකා ලෝක ධාතු
  2.  ද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු
  3.  තිසහස්සි මහා සහස්සි ලෝක ධාතු


වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වය තුළ ඇතැයි උන්වහන්සේ වදාළ බව බුදු දහමේ සඳහන්වේ. තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන්ට ලෝකය ගැන කරුණු දැක්වීමේදී, -මේ ලෝකය විෂමය. සක්වලවල් අන්නතය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනෙක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනෙක පූර්වයාමයයි, තවත් තැනෙක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.” යනුවෙන් කරුණු දක්වා තිබේ.

දීඝ නිකායෙහි ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයෙහි සහ අංගුත්තර නිකායෙහි ‘සප්ත සූද්යෝද්ගමන’ සූත‍්‍රයෙහි බුදුන්වහන්සේ දක්වා ඇති ආකාරයට, ලෝකයේ ආරම්භක කි‍්‍රයාවලිය කවදා සිදුවූවාදැයි කිවනොහැකි බවත් ලෝකයේ ආරම්භය හා විනාශවීම සංස්කාර ධර්මතාවයන්ට අනුව සිදුවන බවත් දක්වා ඇත. ලෝක සත්වයන්, කර්මශක්තිය අනුව පේ‍්‍රත, මනුෂ්‍ය, දේව, බ‍්‍රහ්ම ආදී භවයන්හි උපදින බවත් -ලෝකයට කර්මශක්තියක් නැතත් සංස්කාර ධර්මතාවය අනුව ලෝකයේ හටගැනීම හා විනාශවීම සිදුවන බවත්” බුදු දහමෙහි දක්වා ඇත.

ලෝකය විනාශවන කි‍්‍රයාවලිය සංවට්ට කප්ප යනුවෙන්ද, නැවත ඇතිවීම විවට්ට කප්ප යනුවෙන්ද හැඳින්වේ.

බුදු දහමෙහි සඳහන් මහා කල්පයකට සංවර්ත කල්පය, සංවර්තස්ථායි කල්පය, විවර්ථ කල්පය, විවර්තස්ථායි කල්පය යනුවෙන් අසංඛ්‍ය කල්ප සතරකි. මහා කල්පයක අවසාන අසංඛ්‍ය කල්පයේදී පෘතුවිය ඇතුළු ග‍්‍රහ ලෝකයන්ගේ හා ජීවීන්ගේ විනාශය සිදුවන බව බුදු දහමෙහි සඳහන්වේ.

බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන ආකාරයට මීට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනට පෙර (කල්පය යනු කාලය දක්වන අති දීර්ඝ කාලමානයකි.) තණ්හංකර බුදුන්වහන්සේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිඅට නමක් මේ ලොව පහළ වී ඇත. සාර මණ්ඩ කල්පයේ සිට මහා මණ්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත්වන කාලය මහා භද්‍ර කල්පයයි.

මේ මහා භද්‍ර කල්පයේ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව්නමක් මේ ලොව පහළවී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදුවීමට ඇත්තේ මෛතී‍්‍ර බුදුන් වහන්සේය. බුදු දහමේ දැක්වෙන පරිදි මෛතී‍්‍ර බුදුන් වහන්සේගෙන් පසුව මෙම මහා භද්‍ර කල්පය අවසන් වේ.

අප දැන් ජීවත්වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේය. මෙම ශාසන කාලය අවුරුදු 5000ක් දක්වා පවතින බවත්, ඉන්පසු ලෝකයේ මිනිසුන් පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිරිහී, අධර්මිෂ්ටවීමෙන් බුද්ධ ශාසනය පිරිහෙන බවත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහී ආයුෂ දස වසර දක්වා කෙටිවන බවත්, දෙවියන්ගේ පෙළඹවීමෙන් මිනිසුන් නැවත පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු 80,000 දක්වා වර්ධනය වන බවත් ඒ කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

බුදු දහමෙහි සඳහන් කල්පය යනු කාලය මනින අති දීර්ඝ කාලමානයකි. -යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ලෝහ බලකොටුවක් අබ ඇටවලින් පුරවා, එක අබ ඇටය බැගින් වසරක් පාසා ගැනීමෙන් එම බලකොටුව හිස් වන්නේද කෙදිනකද ඊටත් වැඩි කාලයක් කල්පයකට ගත වන්නේය.” බුදු දහමෙහි දක්වා ඇත.

මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් දක්වා අඩුවීමට ගතවන කාලය ඉතා දීර්ඝ කාලයකි. ඉන්පසු යහධර්මයෙහි ඇලීමෙන් මිනිසුන් යළි දීර්ඝායුෂ ලැබීමද, එම කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවද, මෛතී‍්‍ර බුදුන්වහන්සේ අවුරුදු 80,000ක් ආයු වළඳා පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනය නැවත වරක් පිරිහීමෙන් පසු ලෝ වැසියන් පංච ශීලයෙහි පිරිහී, අධර්මයට යොමුවීමෙන් මිනිසුන් ආගමික හා සමාජයීය වශයෙන් පිරිහෙන කාලයක් උදාවන්නේය. එම කාලය මෙම මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි. ඒ දක්වා ගතවන කාලය කොතරම් දීර්ඝ විය හැකිද?

මහා කල්පයක අවසානයේදී ලෝකය හා සියලූ ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද, මහා මේඝයෙන්ද, මහා වාතයෙන්ද විනාශ වන බවද, -ගිතෙල් පිඬක් ගිනිගත් විට යම් දෙයක් ශේෂ නොවන්නේද, ඒ් ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අළුවත් ඉතිරි නොවන බව” ‘සප්ත සූත‍්‍රයෝද්ගමන’ සූත‍්‍රයෙහි සඳහන්ව ඇත.

බුදු දහමෙහි සඳහන් ආකාරයට බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක කාලයක් පෙරුම් පුරා, මහා ප‍්‍රඥාවක් ලබාගත්තෙකි. ඒ උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයි. ‘ලෝකවිදූ’ යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. -සංස්කාර ධර්මතාවයට අනුව හටගන්නා සියලූ දෙයෙහි විනාශවීම සිදුවෙන බව” බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ‘ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත්’ සිදුවේ.

ඈත ඉතිහාසයට අපේ මතකය යොමු කළහොත් නොයෙක් යුගයන්හි, ලෝකයේ නොයෙක් රාජ්‍යය, නොයෙක් දේශ-දේශාන්තරවල ආගමික හා සමාජයීය වශයෙන් ජනතාව පිරිහීමත්, යුධ කෝලාහල ඇතිවීමෙන්, වසංගත රෝග ඇතිවීමෙන් හා ජල ගැලීම්, මුහුදු ගොඩගැලීම්, සුළි සුළංවලින්, ගිනි කඳු පිපිරීමෙන් හා භූමිකම්පා ආදී භයංකර ස්වභාවික ව්‍යසන ඇතිවීමෙන් මිනිස් ශිෂ්ටාචාර මුළුමනින්ම පවා මේ මිහිතලයෙන් වඳවී ගොස් ඇති අවස්ථා තිබේ. දකුණු ඇමරිකාවේ හා කාම්බෝජයේ තිබූ පුරාණ ශිෂ්ටාචාර විනාශවී යාම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඒවා ලෝක විනාශ නොවේ.

අතීතයේදී එම ව්‍යසන ඇතිවූවා සේම අනාගතයේදීද එවැනි ව්‍යසන ඇතිවිය හැකිය. බුද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මෙම ලෝකය විනාශ වීමට කල්ප ගණනාවක් ගත වන්නේය. බුදු දහමට අනුව මෙම මහා භද්‍ර කල්පයේ අවසානයේදී මෙම ලෝකයේ විනාශය සිදුවන්නේය. ඒ -හටගැනීමත් විනාශවීමත් යන සංස්කාර ධර්මතාවයට” අනුවය. එය වර්ෂ ගණනින් ගතහොත් වර්ෂ දශ ලක්‍ෂ ගණනින් ගතවන අති දීර්ඝ කාලයකි.

සෝමාවතී පුදබිමේ හාස්කම්



සුළග මිදිනි. හිරු නතර විනි. ගහ කොළ ගල් පිළිම සේය. කිසිවකු කිසිවක්‌ කතා නොකර සෝමාවතිය චෛත්‍ය රාජයාණන් දෙස බලා සිටියහ. ඒ නම් ආශ්චර්යයක්‌මය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල වටේට රශ්මි මාලාවක්‌ විහිදේසාධු… සාධු… සාධු… ඒ දැකුමෙන් ප්‍රමුදිත වූ දහස්‌ සංඛ්‍යාත බැතිමුතුන්ගේ සාධු නාදයෙන් සෝමාවතිය පුද බිම රැව් පිිළිරැව් දුන්නේය.ඒ අසිරිමත් මොහොත උදා වූයේ පසුගිය ඇසළ පුන් පෝය දින දහවල් 11.30 ට පමණය. විනාඩියක්‌ දෙකක්‌ එම රශ්මි මාලාව කොත් කැරැල්ලට ඉහළින් දිස්‌ විය. ඒ ආශ්චර්යවත් මොහොතේ සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස සිටීමට තරම් මම ද වාසනාවන්ත වීමි.

දූවිලි වලාවන් මැදින් යන සෝමාවතිය ගමන තරමක්‌ කටුකය. එහෙත් එදින සතර දිග් භාගයෙන් පැමිණි බැතිමතුන්ගෙන් සෝමාවතිය පුදබිම එකම ජන ගගක්‌ බවට පත්ව තිබිණි. එමෙන්ම ඒ පින්බර දිනය පුරා සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස පින්කම් රැසක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. එදින රාත්‍රියේ වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැර පැවැත්වීමට ද සියල්ල සූදානම් කර තිබිණි. ඒ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබා දී තිබුණේ කොළඹ ආර්ය සිද්ධි පදනම විසිනි.

සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි විශාල ජනකායගේ කුස ගිනි නිවීමට බත්, කඩල, සුප් දන්සල් සේම පිපාසය සංසිඳුවාලීමට සිසිල් පැන්, ඛෙලි මල්, තේ පැන් දන්සල් ද බොහෝමයකි. මේ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබාදීම සඳහා කොළඹ සිට විශාල සැදැහැවතුන් පිරිසක්‌ සෝමාවතිය පුදබිමට ගොස්‌ සිටියහ.

හිරුගේ රශ්මිය හමන සුළග මදකට සිසිල් කරන්නේය. අපි ඒ පුද බිම වටා ඇවිද ගියෙමු. ගහ කොළට මුවා වී ඉටි පැදුරුවලට බර දී ඇතැම්හු සිල් සමාදම් වී සිටියහ. තවත් බැතිමත්හු මොහොතකට විඩාව දුරුකරගනු වස්‌ තුරුපත් සෙවනේ හාන්සි වී සිටියහ. දෙනෝ දාහක්‌ බැතිමත්හු සෝමාවතිය පුද බිම වටා ඔබ මොබ ඇවිද යමින් සිටියහ. අපි චෛත්‍ය වටා සක්‌මන් කරමින් සිටිමු. ඇසිල්ලෙන් මේ ඓතිහාසික පුද බිමේ ආශ්චර්යවත් සිදුවීම් පෙළක්‌ මගේ සිතේ පෙළගැසෙන්නට විය. ඒ සෝමාවතියේ අප දැන සිටි ආශ්චර්ය පමණි. අප නොදත් තව බොහෝ දේ ඒ අසිරිමත් පුද බිමේ සිදුව ඇති බවට සැක නැත.

ඒ ගැන හොඳින්ම දැන සිටින්නේ සෝමාවතිය රජමහා විහාරයේ වැඩ සිටින විහාරාධිපති අතිපූජ්‍ය රාජකීය පණ්‌ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ය. සෝමාවතියේ නොදත් ආශ්චර්ය ගැන විමසා බැලීමට දැන් අපි උන්වන්සේ බැහැ දකිමු.මම මේ චෛත්‍යයෙන් බුදු රැස්‌ විහිදෙනවා මුලින්ම දැක්‌කේ 1967 අවුරුද්දෙ. එතකොට මෙච්චර දියුණු නැහැ. ලැගුම් ගන්න හරියට පන්සලක්‌වත් තිබුණෙ නැහැ. ඊට පස්‌සෙ 1983 අවුරුද්දෙ චෛත්‍ය වහන්සේට කොටි පහර දුන්නා

සුපහන් සිදුවීම් පෙළකින් පිරී තිබුණු මගේ සිතට කාලකණ්‌ණි මතකයක්‌ නැගෙන්නට විය. මේ ප්‍රදේශ මිනී මරු කොටි ග්‍රහණයේ පැවති සමයේ මේ ඓතිහාසික පුද බිම ගණ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. එමෙන්ම ත්‍රස්‌තවාදීහු මේ පුද බිමේ පිවිසුම් දොරටුව වන සුංගාවිල ප්‍රදේශයේ සිටි මිනිස්‌සු පවුල් පිටින් කැති ගා දැමූහ. ඒ කාලේ මරණය සුලභ බැවින් එබඳු මරණය සමාජය තුළ කම්පනයක්‌ ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. මිනී මරු ප්‍රභාකරන් මේ රටේ ජන ජීවිතවලට ගිනි අවුලා තිබුණේ එලෙසිනි.

ත්‍රස්‌තවාදීන්ගෙන් මේ ප්‍රදේශ මුදාගත්තට පස්‌සේ 2002 අවුරුද්දෙ අපි නැවත පන්සලට ආවා. ඒ අවුරුද්දෙම අප්‍රියල් 26 වැනිදා උදේ මම අවදිවෙලා චෛත්‍ය දිහා බලන කොට බුදුරැස්‌ විහිදෙනවා. අලි ඇවිත් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ කාලේ අපිට පින්තූර ගන්න කැමරා තිබුණෙ නැහැ.නැවත චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය කරලා 2002 අවුරුද්දෙම ජුනි මාසේ 19 වැනිදා කොත් පළඳවන අවස්‌ථාවේත් බුදුරැස්‌ විහිදුනා. ඒ අවස්‌ථාව නම් ඡායාරූපයකට අරගන්න පුළුවන් වුණා. මෙතැන බෝධීන් වහන්සේ නමක්‌ වැඩ සිටියේ නැහැ. මේ ස්‌ථානය ටික ටික දියුණු වී ගෙන එනකොට බෝධීන් වහන්සේ නමක්‌ ඉබේම පහළ වුණා.

2003 අවුරුද්දෙ පෙබරවාරි 4 වැනිදා පිරිත් පින්කම් දවසේ පාන්දර 1.30 ට විතර චෛත්‍ය උඩින් විශාල දුමක්‌ ඇවිත් මොහොතකින් බුද්ධ රූපයක්‌ මතු වුණා. ඒ වගේම මුලින්ම දළදා පෙරහැර පවත්වනකොට චෛත්‍ය ඇතුළෙන් එළියට පෙරහැරක්‌ ආවා. දළදා පෙරහැර පැවැත්වූවේ අලි ඇතුන් ඇතිවයි. පෙරහැරට ඉස්‌සරින්දා කැලෙන් පුංචි අලි පැටියෙක්‌ ඇවිත් මගේ කකුල් දෙක ළඟ දණ ගැහුවා. ඒ අලි පැටියත් එදා පෙරහැරේ ගියා. ඒ අලි පැටියත් එක්‌ක සුදු අලි පැටියෙකුත් පෙරහැර යනවා මිනිස්‌සු දැකලා තිබුණා. ඡායාරූපවලටත් හසු වෙලා තිබුණා. ඒක වුණේ 2009 අවුරුද්දෙ ජුලි 08 වැනිදා.

ඒ මාසෙම ජුනි 28 වැනිදා චෛත්‍ය ඇතුළෙන් සුදු අලි පැටියෙක්‌ එළියට ඇවිත් පුංචි දරුවකුගේ ඇගේ හැපිලා තියෙනවා. ඊට පස්‌සෙත් කීප වතාවක්‌ම බුදු රැස්‌ විහිදුනාලනැවත අපි බැතිමතුන් අතරට ගියෙමු. ගිනි මද්දහනේ මිනිස්‌සු පෝලිම් ගැසී සිටිති. සෑම කෙනෙකුගේම සුරතේ අටපිරිකරකි. සෙසු පිරිකර දෑතට ගත් බැතිමතුන් ද නොසිටියාම නොවේ. සාධු නාදය පුද බිම සිසාරා යද්දී අටපිරිකර පෙරහැර චෛත්‍ය රජායාණන් වහන්සේ අභියසට එක පෙළට ගමන් කරයි. පෙරහැරේ ගමන් කළ දහසකට වැඩි බැතිමතුන් අතරින් එක්‌ මවක්‌ අසල මගේ දෙනෙත් නතර විය. හරි හැටි ඇවිද ගැනීමට බැරි තරමට ඇය වියපත්ය. දෙනෙත් පෙරහැර පුරා ගමන් කරයි. මේ සා වියපත් මවක්‌ නම් මගේ ඇස නොගැටේ. අටපිරිකර පෙරහැර අවසානයත් සමග මම ඒ මව අසලට ගියෙමි.

අම්මා කොහේ ඉඳන්ද ආවේ… ඇයව කතාවට සම්බන්ධ කරගැනීමේ අදහසින් මම එසේ ඇසුවෙමි.ඹදෙණියෙ ඉඳලා.අම්මගෙ නම…?ලීලා බෝතේජු.අම්මා කොච්චර කාලෙක ඉඳලා සෝමාවතිය වඳින්න එනවාද?මම මුලින්ම ආවේ 1960 ගණන්වල පුතේ… එතකොට මේවා මහා කැලෑව. චෛත්‍ය ගරා වැටිලා. ඉන්නත් බයයි. ඉක්‌මනට චෛත්‍ය වැඳලා ආපස්‌සට දුවනවා. ඒ කාලේ සුංගාවිල ඔයෙන් එගොඩ වෙන්න පාලම් තිබුණෙ නැහැ. පාරුවෙන් එගොඩ වෙලා සෝමාවතියටම ආවේ පයින්. ඉඳල හිටලා ට්‍රැක්‌ටර්යක්‌ හම්බ වෙනවා. නැත්නම් හැතැප්ම දොළහම පයින් ගාටන්න ඕනා. එහෙම එන වෙලාවට පාර අයිනේ අලි ඉන්නවා. කිසිම දවසක උන්ගෙන් අපිට හිරිහැරයක්‌ වෙලා නැහැ.

එක දවසක්‌ පුතේ අපි එනකොට තුන්පත් රැන අපේ ඉස්‌සරහරට එනවා. අපි එකතැන නතර වුණා. දැන් ගහයි… දැන් ගහයි කියලා බය හිතුනා. අනේ පුතේ උන් තුන්දෙනා අපි දිහා බලාගෙන ඉඳලා අපිට යන්න දීලා පාර අයිනට ගියා. මේ කැලේ සත්තුත් මේ පින්බිම වැඳ පුදා ගන්නවා පුතේ…ලීලාවතී අම්මාට දැන් වයස අවුරුදු 88 කි. 2002 වර්ෂයේ සෝමාවතිය පුද බිම නැවත ප්‍රතිසංස්‌කරණය කර වැඳුම් පිදුම් සඳහා ජනතාවට විවෘත කළ දින සිට සෑම වසරකම ඇය සෝමාවතිය වඳින්නට එයි. අපි ලීලාවති අම්මා සමග කතා කරමින් සිටියදී ඇයත් සමග පැමිණි තවත් මවක්‌ අප සමග කතාබහට එක්‌ වූවාය.

මෙතැන පුදුම විදිහට හාස්‌කම් තියෙන තැනක්‌ මහත්තයෝ… මේ චෛත්‍ය දිහා බලාගෙන මොනවහරි ප්‍රාර්ථනා කළොත් ඒක තක්‌කෙටම හරි යනවාලඅපේ ගෙවල් තියෙන්නෙ අලව්වේ. මගේ රට ඉන්න ලොකු පුතා කියනවා එයාට ඉබ්බාගමුවෙන් ඉඩමක්‌ ගන්න කියලා. මම පුතාට කිව්වා… පුතේ ඉබ්බාගමුව ගොඩක්‌ දුරයි ඒ වගේම දුෂ්කරයි අපි ගෙවල්වලට කිට්‌ටුවෙන් ඉඩමක්‌ ගමු කියලා. කොහේද පුතා අහුවෙම නැහැ. ඊට පස්‌සෙ මමයි මහත්තයි ඉඩම් බලන්න ඉබ්බාගමුවේ නොගිය තැනක්‌ නැහැ. අපි එහෙම ගියේ කිසිම කැමැත්තකින් නෙමෙයි. පුතාගෙ බලකිරිල්ලට. අපිට ඉන්නෙ දරුවො දෙන්නයි. ඒ දෙන්නව අපි ළගින් තියාගන්න තමයි අපි කැමතියි. මගේ හිතටත් මේක හරිම වධයක්‌ වෙලා තිබුණෙ.

මේ වෙසක්‌ පෝයට අපි පොළොන්නරුවෙ ආපු වෙලාවේ සෝමාවතිය වඳින්නත් ආවා. එතකොට මම චෛත්‍ය දිහා බලාගෙන මගේ හිතේ තියෙන ප්‍රශ්නය කියලා දරුවගෙ හිත වෙනස්‌ කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කළා. එහෙම ප්‍රාර්ථනා කරලා ගෙදර ගිහින් දවස්‌ දෙකක්‌ විතර යනකොට ලොකු පුතා මට කතා කරලා කියනවා ~අම්මේ මට ගම පැත්තෙන්ම ඉඩමක්‌ හොයන්න. මම ඉබ්බාගමුව පැත්තට යනවට අම්මල කැමතිත් නැහැනේ කියලා. මට අදහාගන්න බැරි වුණා. අපිට වෙනස්‌ කරගන්න බැරි වුණු පුතාගේ හිත එක පාරටම වෙනස්‌ වුණේ කොහොමද? ඇත්තටම මේ පින්බිමේ බලයෙන් තමයි එහෙම වුණේ…

අලව්වේ සිට පැමිණ සිටි චන්ද්‍රාවතී අම්මා අපේ කතාවට එසේ ජීවයක්‌ එකතු කළාය. එහෙත් මේ අසිරිමත් පුදබිමේ ආශ්චර්ය මෙන්ම හාස්‌කම් ගැන තව තවත් අපිට කතාබහර කිරීමට කාලය ඉඩ නොදේ. කළුවර වැටෙන්නට තව ඇත්තේ හෝරා දෙකකටත් අඩු කාලයකි. වෙනත් දිනයක සෝමාවතියේ දළදා පෙරහැර නරඹන බලාපොරොත්තුවෙන් අපි ඒ පුද බිමෙන් සමු ගත්තෙමු.

නිවසේ දොරටුව ආශ්‍රිත ඇතිවෙන දෝෂ 18ක්




  • බ්‍රහ්ම වේද දෝෂ-නිවසේ හරි මැදින් දොර තැබීම නිසා නිවැසියන්ගේ කිර්තිය නැතිවීම හා නිවස අනාරක්ෂිත වේ.


  • කදිම වේද දෝෂ-නිවස ඉදිරිපිට මඩ වලක් පිහිටා තිබීම ඉතා අසුභ ඵල ගෙන දේ


  • ජල නිර්ගමන දෝෂ-ප්‍රධාන දොරටුව ඉදිරිපිට වංගුවක් ලෙස ඇලක් හෝ ගගක් වැනි දියපාරක් ගමන් කිරීම නිවසට ධන හානි භව භෝග දේපල හානි සිදුවේ.
  • දේවතා වේද දෝෂ-දේවතා පිළිම ඉදිරියේ නිවාස පිහිටු වීම නිතර කලබල ඇතිවීමට හා වෙනත් දෝෂ ඇත්විය හැක.


  • සුසාන වේද දෝෂ-සොහොන් මෘත ශරීරාගාර අසල නිවාස පිහිටා තිබීමද අසුබ ඵල ගෙනන නිවසෙහි ශ්‍රියාව නැතිකරන ආදායම් තත්වය පහල හෙලන දෝෂයකි.


  • මාර්ග වේද දෝෂ-නිවාස ඉදිරිපිටින් වංගුවක් සහිත මාර්ගයක් ඇත්නම් එය ‍ඉතා අසුභය.
  • වෘක්ෂාවේද දෝෂ-නිවසෙහි ඉදිරිපස දොර කෙලින්ම විශාල ගසක් තිබීම ද විවිධ බාධක ලදුන්ට අපල ගෙනෙන දෝෂයකි.


  • කුප වේද දෝෂ-නිවස ඉදිරියේ ම ළිදත් පිහිටා තිබීම ද අසුභ ඵල ගෙන දේ


  • ස්ථම්භ වේද-නිවස ඉදිරියේ ප්‍රධාන දොර අසල ගල් කණු හෝ වෙනත් කණු පිහිටා තිබීම නිසා ආරක්ෂාවට හානි පැමි‍ණේ.


  • කෝණ වේද ‍දෝෂ-නිවසේ ප්‍රධාන දොර පැත්ත අසලින්ම වෙනත් නිවසක බිත්ති කෝණ වැටීම නිසා මෙම දෝෂය ඇතිවේ.


  • ද්වාර දෝෂ-නිවසක ප්‍රධාන දොර කෙලින්ම වෙනත් නිවසක දොරක් පිහිටා තිබීම අසුභ ඵල ගෙනෙන්නකි.


  • නිරස්ථීන දෝෂ-කුකුල් කොටු ගව ගාල් පිහිටා තිබීම අසුභ ඵල ගෙන දේ


  • මර්මස්ථාන දෝෂ-නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට කුණු කසල බැහැර කරන ස්ථාන තිබීම සුදුසු නොවේ.


  • කුම්භකාර වේද දෝෂ-නිවස ඉදිරියේ ගඩොල් වලං පෝරණු වැනි දෑ තිබීම අසුභය.


  • රජක වේද දෝෂ-නිවස අසල රෙදි සෝදන ස්ථාන තිබීම සුදුසු නොවේ.


  • ගණිකා වේද දෝෂ-නිවස ඉදිරිපිට ගණිකා නිවාස වැනි දෑ තිබීම මෙ නම් වේ.


  • ධග්ධ රේඛ වේද දෝෂ-ධග්ධ රේඛා හෙවත් මරුශුලය ගිණිකතුර හා විථී යන ර්ඛා වලටද වහලේ යට ලීමුදුන් ලී ආදියටද බ්‍රහ්ම පාදය කැපී යන කෙ‍ා්ණ වලටද ප්‍රධාන දොරටුව තැබීම දෝෂ සහිත වේ.


  • රාජ වේද දෝෂ-මැති ඇමති වරු රජයේ නිල නිවාස ආදියට මුහුණට මුහුණ ලා නිවාස පිහිටීම ද දෝෂ සහිතය

ශ්‍රී මහා බෝ හාමුදුරුවෝ රකින කළු බණ්ඩාර දෙවියෝ




ජය ශ්‍රී මහා බෝධියට ආරක්ෂාව පිණිස සිටින ප්‍රධාන ආරක්ෂක දෙවියන් වන්නේ කළු බණ්ඩාර දෙවියෝය. උන්වහන්සේ නොපෙනෙන බලවේගයක්ව මහබෝ රකින බව බෞද්ධයෝ පිළිගනිති. එසේම මහ බෝ වන්දනාවේ එන සැදැහැවතුන්ට ආරක්ෂාව පිණිසත් ඒ සැදැහැවතුන්ගේ අදහස් මුදුන් පැමිණවීම පිණිසත් කළු බණ්ඩාර දෙවියන් ක්‍රියාකරන බව පැරණියෝ විශ්වාස කරති. මහ බෝ අසළ සිටින විල්ලිදුර පරපුර කළුබණ්ඩාර දෙවියන්ට නිතර යාතිකා කරන්නාහ. ඔවුහු සැදැහැවත් ජනයාට යහපතක් වේවායිද ග්‍රහ අපල රෝ දුක් දුරු කරත්වායිද යහපත් අපේක්ෂා මුදුන්පත් වේවායිද කළුබණ්ඩාර දෙවියෝ යදින්නාහ.

මේ කළුබණ්ඩාර දෙවියන් පිළිබඳ මත රාශියක් ජනප්‍රවාද, සහ විවිධ සාහිත්‍ය ග්‍රන්ථවල එයි. එහි එක් මතයක් වන්නේ කළුබණ්ඩාර යනු ජය ශ්‍රී මහා බෝධිය ලක්දිවට වැඩම කරවද්දී ඉන්දියාවේ සිට මෙරටට මහ බෝධිය ආරක්ෂාව සඳහා පැමිණි ආරක්ෂක කණ්ඩායමේ ප්‍රධානියා වශයෙනි. ඔහු මහ බෝ සමග පැමිණි දහ අට සේනාවේ සිටි බෝධි ආරක්ෂකයාය. මේ කළුබණ්ඩාර සේනාපතියා කලක් ඇවෑමෙන් මරණයට පත්වී මරණින් මතු මහ බෝ රක්නා පිණිස කළුබණ්ඩාර දෙවියන්ව උපත ලද බව කියැවේ.

ඊට තවත් අදහසක් ජයශ්‍රී මහා බෝධියට තේවා කරන විල්ලිදුර පරපුරේ හේතුවාගේ විල්ලිය මහතා අපට මතක් කළේය.ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවෝ මහ මෙවුනා උයනේ රෝපණය කළාට පස්සෙ පළමුවෙනි කිරි පිඬු ආහාර පූජාව කරලා තියෙන්නේ කළුවා කියන ගොවියෙක්. ඔහු ගොවිතැන් කරලා තියෙන්නේ අනුරාධපුර නගරයේමය. මහා බෝධියට දීර්ඝ කාලයේ කිරිපඬු පූජා කළ මේ කළුවා කියන ගොවියා මරණින් මතු දේව ආත්මයක් ලැබූ බව පිළිගන්නවා. කළු ගොවියා, කළු දෙවියා වුණු බව අපි අතරෙහි තියෙන එක් මතයක්.කළු බණ්ඩාර දෙවියන්ගේ මුල් කාලය පිළිබඳව පුස්කොල පොතේ එන කෝල්මුර කවිවල මෙසේ සඳහන් වේ.


  •     එරන්දතී කුස පිළිබඳ පූර්ණක පිය රජු දාකොට
  •     තරං වයස සත් අවුරුදු කුමරු කෙළිය පිරුණු කලට
  •     කුමරු කෙලිය පිරුණු කලට
  •     නිරන්තරව පිය රජුගෙන් උදහස් යෙදුන කුමරුට
  •     නරන් රකින්නට වල්වැද පැන්නා සත් ගවු හිමයට


මේ කෝල්මුර කවියට අනුව කළු බණ්ඩාරගේ මව එරන්දතියයි. පියා පූර්ණක රජුය. කළු බණ්ඩාර සත් හැවිරිදි විය එළැඹෙද්දී ඔහු දඟකාරයකු විය. මේ නිසා පිය රජ වූ පූර්ණකගෙන් උදහසට ලක්වී කළු බණ්ඩාර අවුරුදු හතේදීම හිමාලයට පලා ගිය බව කියැවේ.


  •     ‘යුද්ධ’ රොසින් ගත් මේසය
  •     බැලුවෙනි වතු පන්දහසට
  •     ඇද්ද කෙනෙක් මම සරියට
  •     වල් වැඳ පැන්නා හිමයට
  •     යුද්ධ උතුම් දෙවි වැඩ සිටි
  •     පතිනිට වැඳ සැලකර. සිට
  •     මැද්ද දේසයට පළයන්
  •     සිරිමා බෝ වඩින තැනට


හිමාලයට ගිය කළුබණ්ඩාර පත්තිනි මෑණියන් හමුවී අවසර ගන්නේය. එදා පත්නිය මෑණිය කළු බණ්ඩාරට ලක්දිවට වඩින ජය ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව පිණිස යාමට අවසර දුන් බව මේ කෝල්මුර කවියේ සඳහන් වෙයි.මහ බෝ ශාඛාව ලක්දිවට වැඩම කරද්දී කළු බණ්ඩාර දෙවි කෙනෙක් හැටියට මුහුදු දියේ පයින්ම පැමිණි බව කියැවේ. මහබෝධිය සමග දහ අට සේනාව, සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රමුඛ එකොළොස් නමක් රහත් භික්ෂුණීහු නාවික යාත්‍රාවෙන් වැඩමවද්දී කළුබණ්ඩාර දෙවියන් නැවද සමග පා ගමනින් එහි ආරක්ෂාව සලසා ගෙන ආ හැටි පහත කෝල් මුර කවිය විස්තර කරයි.


  •     සුර බඹ ඉසිවර විෂ්ණු මහේෂ්වර බෝධිය සමගත් වැඩමවමින්
  •     දහඅට කුලයක පිරිවර සමගින් මුහුදු ජලෙහි එති නැවක් පිටින්
  •     විසිතුරු තෙද ඇති මේ කළු දේවතා පතුල නොතෙමි එති රැල්ල පිටින්
  •     අසිතක් නැතුවම සාසනෙ බාරව ශ්‍රී මහා බෝ රජු මුර කරමින්


කළු බණ්ඩාර දෙවියන්ට ජය ශ්‍රී මහා බෝධියේ මුර භාරව සිටින්නට පත්තිනි මෑණියන්ගෙන් අවසර ලැබිණි. ඒ දෙවියන් මහ බෝ මුර කරමින් සැදැහැවතුන්ගේ මුරුතැන් පූජා භාර ගන්නට වරම් ලද බව කියැවේ. රටට එන බාධක දුරු කරමින් යහපත සැලසීමට කළු දේවතා බණ්ඩාර විටෙක රූමත් මවක මෙන් පිහිට වන බව පහත කෝල්මුරයේ සඳහන් වෙයි.


  •     උඩමළුවේ ජය රන්කඳ භාරවෙලා වැඩ සිටින්ට
  •     සෘද්ධි වෙලා දන් මුරුතැන් කිරි ඉතිරුම් භාර ගන්නට
  •     වැඩිකර එන නැවු කප්පර පොඩි කර දස අත දමන්නට
  •     හැඩ මාතා උතුම් කෙනෙකි කළු දේවතා වැඩමවන්න


කළු දෙවියන් මහ බෝ මුර කළත් වැරදි වැඩ කරන අයටත් පුංචි සැර වැරයක් දමන බව කෝල් මුරයේ කළු බණ්ඩාර දේව විස්තරයේ සඳහන් කරයි. අකුණු හඩක් සේ ඝෝෂා කර පොල්ලක් අතට අරන් කළු බණ්ඩාර සිටින බවත් ඔහු සමග දහස් ගාණක් යක්ෂ සේනා සිටින බවත් මිහින්තලේ පොකුණු හතට දිය නෑමට කළු දෙවියෝ වඩින බවත් නරක අයට යම් පහරක් දීමට එතුමෝ පමා නොවන බවත් මෙහි දැක්වෙති.නැති දෙවියන් ලෙස මේ කෝල් මුරයේ කළු බණ්ඩාර දක්වන්නේ වරදට දඩුවම් දෙන එතුමන්ට අගෞරවයක් වන නිසා විය යුතුය.


  •     අකුණු හඩක් ඝෝෂා කරමින් සුරතට මුගුරක් ගෙන වැඩියේ
  •     ලකුණු ඇතිව ඔබ දහස් ගණන් යක්සෙන් පියවර ගෙන සිටියේ
  •     පොකුණු හතේ මැද කළු දිය පොකුණේ දියකෙළියට නිතරම වැඩියේ
  •     දකුණු දොරටුවේ ජය රන්කඳ මුල නම නැති දෙවි කැටුවයි සිටියේ


ඉහත කියන කළු බණ්ඩාර දෙවියන්ට අමතරව මහ බෝධිය දකුණු දොරටුවේ සිට මුර කරන තවත් දෙවිවරු ගැන පුරාණ පොතපතේ සඳහන් වේ. ඒ අතරින් කඩවර හා කම්බිලි දෙවියෝ ප්‍රමුඛ වෙති.සාහිත්‍ය ගත හා ජනප්‍රවාද තොරතුරු අනුව කඩවරගේ මුහුණේ එක් පැත්තක් හෙවත් භාගයක් ඉතා ලස්සන මනුෂ්‍ය මුහුණයි. අනෙක් පැත්ත ඉතා රෞද්‍ර යක්ෂ මුහුණයි. එයින් පෙන්නුම් කරන්නේ කඩවර හොඳට හොඳය. නරකට නරකය යන සංකල්පයයි.කඩවරගේ මව උමයංගනාවයි. පියා ඉසුරුයි. දිනක් උමයංගනාව ගං දියේ නාන්නට ගියාය. ඈ ගියේ තනියෙනි. ඇය සළු පිළි ගලවා දිය නා එනතුරු අරක්ෂා කර ගන්නට තරුණයකු මවා ඔහුට සළුපිළි බාර කළාය. උමයංගනා දිය නාන තැන්හි තරුණයකු ඇගේ සළුපිළි බාරව සිටිනු දැක මේ ගැන ඉසුරුට (උමයංගනාගේ ස්වාමියාට) කේලමක් අසන්නට ලැබේ. ඉසුරු ක්ෂණයෙන් ගං දෑල වෙත ගොස් තරුණයා සිටිනු දැක කෝපයෙන් ඔහුගේ හිස කඳින් වෙන් කර කපා මරා දැමුවේය.

උමයංගනා ඉසුරු ඉදිරියේ බැගෑපත්ව ස්වාමිනි මේ තරුණයා මා මැවූ කෙනෙක් යැයි කීවාය.ඒ වේලාවේ ඉසුරු උමයංගනාවට තවත් කුමාරයන් මවාපන් යැයි අභියෝග කළේය. එවේලේ උමයංගනාව ගංබඩ ඊ තණ පතකින් කුමාරයකු මැවුවාය. දිය රළෙත් කුමාරවරු පස් දෙනෙක් මැවුවාය. ඉසුරු මරා දැමූ තරුණයාගේ හිස වැටුණු තැනින් තවත් කුමාරයකු මැවුවාය.මේ කුමාරවරු ගොන්නම ඉසුරු බොහෝ සතුටින් එක තුරුළට ගෙන මාගේ දරුවෝ කියා බදා ගත්තේය. එදා උමයංගනා මැවූ කුමාරවරු කවුද? ඒ අතර ගණපති, කතරගම, කඩවර ආදිය ද විය. ඒ අනුව මේ අය සහෝදරයන් බව පැරණි පුස්කොළ පොත්හි විස්තර වේ.එදා ඉසුරු විසින් තම දරුවෝ යැයි තුරුළු කර ගත් පිරිස අතුරින් රත්න කඩවර පිය තුරුළෙන් කඩා පැන්නේය. එම රත්න කඩවරද මහ බෝ මුර බාරව දකුණු දොරේ සිටින බව විස්තර වේ. ඉහත කතාව කෝල් මුරයේ මෙසේ දක්වයි.


  •     සදෙන කුමරු සිගා රැළෙන්
  •     මැවු දෙවනුව උමයංගනා
  •     එදින පළමු ඊ පතනෙන්
  •     මැවූ කුමරුන් සහ සත්දෙන
  •     රැගෙන දෑත එක් කරමින්
  •     අනේ පුතුන් කන්ද කියා
  •     එදින ඉසුරු සුරත යටින්
  •     කඩා පැන්න කුමරු රත්න


කඩවර ස්වරූප රාශියක් දේව පුරාණයෙහි විස්තර වේ. හත් කඩවර, දහ අට කඩවර, දෙතිස් කඩවර, 64 කඩවර ආදී වශයෙන් ගණනාවකි. ඒ අතර සඳුන් කඩවර, හඳුන් කඩවර, කම්බිලි කඩවර, ලේ කඩවර, මල් කඩවර, පුළුටු කඩවර, ගොපලු කඩවර, දළ කඩවර, ස්වයං කඩවර, තොට කඩවර, භූත කඩවර අභූත කඩවර, රති කඩවර, රෑ කඩවර, සෙල්ලුකඩවර ඉන් සුළු පිරිසෙකි.මේ අතරින් රත්න කඩවර දෙවියන් මුර භාරව සිටින ස්ථාන දේව ස්ත්‍රොත්‍ර වල දැක්වේ. සමනල කන්ද දිවා ගුහාව ජය ශ්‍රී මහා බෝධීය, දළදා මාළිගාව ඉන් කීපයකි. කෝල් මුරයේ එය මෙසේ දැක්වෙයි. සමන්ත කූටේ දිවා ගුහාවේ ජය ශ්‍රී මහා බෝ රන්කඳටවත් අනන්ත බුදුරැස් විහිදෙන දාගැබ් සිරි සහ දළදා මන්දිරෙටත් සම්පත් කමින් එහිමුර කර සිරිලක නෑරම පට පඬුරුද ලැබගත්.

නිවන් පතා අද කොතැනක සිටියත් වඩින්න කඩවර ස්වාමි අදත් මහ බෝ බාරව සිටින කම්බිලි දෙවියන් වෙදකමට ද සම්බන්ධව පිදුම් ලබන දෙවියෙකි. එම නිසා දේශීය වෙදකම කරන අය අවුරුද්දකට වරක් වෙද පොත් තෙල් බේත් තබා කඩවරට පුද පූජා පඬුරු පාත්කුඩම් පිදෙනි දී පොත්ගුල් රාජකාරිය කරති.කළු දේවතා බණඩාරත්න කඩවර කම්බිලි යන දේව සභාව මහ බෝ මුර කරමින් වැඩ සිටින බලවත් දේව මණ්ඩලයකි. එබැනින් මහ බෝ වන්දනාවට සැදැහැවතියෙක් එන අයට මේ දේව මණ්ඩලයේ ආශිර්වාදය ආරක්ෂාව හිමිවන බව පැහැදිලි කරුණකි.මහ බෝ වන්දනාවේ ආශිර්වාදය ලබනවා සේම බලවත් දේව මණ්ඩලයක පිහිට ලැබීම ද උඩමළුවට එන සැදැහැවතුන්ට තවත් භාග්‍යවන්ත අවස්ථාවකි.

මහත අයට කෙට්ටු වෙන්න කස කසා ඇට පානක්

බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකා...