මාතර පැත්තට ගියාම දෙවුන්දර,දික්වැල්ල,මිරිස්ස,වැලිගම වගේ දකුණු මුහුදු තීරය ආශ්‍රිත ප්‍රදේශ වලනම් ඉතිං හැමදාටම මාළු වලින් අඩුපාඩුවක් නෑ.ඒ ප්‍රදේශවල ඉන්න ගෘහනියන්ටත් කටට රසට මාළු පිළියෙල කරන්න හොඳට පුළුවන්. එහෙමනම් මුලින්ම මාළු ඇඹුල්තියල් හදන විදිය කියලා දෙන්නම් ඉස්සරවෙලාම මෙන්න මේ දේවල් ටික හොයා ගන්න ඕන.
- මාළු කිලෝ ග්‍රෑම් එකක් (බලයන්,තලපත් හෝ කෙළවල්ලන් වඩාත් රසවත්ය)
- ගොරකා ග්‍රෑම් 10 ක් පමණ
- ගම්මිරිස් තේ හැදි 02 ක් පමණ
- අමුමිරිස් කරල් 4ක් 5ක්
- කහ තේ හැඳි කාලක් පමණ
- ලුණු මේස හැඳි 01
- සුදු ළූණු බික් 4 ක්
- වියළි මිරිස් තේ හැඳි 01 ක්
- රමිපෙ කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට
- තලාගත් ඉඟුරු කැබැල්ලක් සහ කුරුඳු කැබැල්ලක්
- කරාබු නැටි කිහිපයක්
- දැන් තියෙන්නෙ මාළු ඇඹුල් තියල් පිළියල කරගන්න එක.
මාළු කිලෝ ග්‍රෑම් 01 තරමක් කුඩා කැබලි වලට කපා හොඳින් සෝදාගන්න ඕන. සොදාගන්නා විට දෙහි ඇඹුල් ස්වල්පයක් ද එක්කරගන්න අමතක කරන්න එපා.පසුව ගොරකා කැබලි ටික උණු වතුරට දමා මද වේලාවකින් මිරිස් ගලක් භාවිතා කර අඹරාගන්න ඉඟුරු, සුදු ළූණු හා වියලි මිරිස් ද අඹරා ගන්න ඉන්පසුව ගොරකා, ගම්මිරිස්, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, ඉඟුරු, වියලි මිරිස්, සුදු ළූණු, කුරුඳු, ලුණු ,කරාබු නැටි ආදී සියල්ලම මැටි බඳුනක (මැටි බඳුන පතුලට කෙසෙල් කොළයක් දා ගන්නත් අමතක කරන්න එපා) දමා හොදින් අතින් මිශ්‍ර කරගන්න පසුව එයට වතුර කෝප්පයක් පමණ එක්කර වතුර හිඳෙනතුරු සාමාන්‍ය රස්නයකට අඩිය යාන්තමට රොස් වන තුරු තම්බාගන්න ඕන.දැන් තියෙන්නෙ අවසන් රාජකාරිය. ඒ තමයි ඉතිං රස කර කර කන එක. තව දෙයක් කියන්න අමතක වුනා. මේකට ලුණු,ගම්මිරිස් වගේ දේවල් එකතු කර ගනිද්දි ඔයාගෙ කැමැත්තට අනුව ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන්.
ඇඹුල් තියල් කිව්වම අපි කොයි කාටත් මතක් වෙන්නේ මාළු වලින් හදන ඇඹුල් තියල්. හැබැයි මේ රසවත් කෑම වර්ගය හදන්න මාළු විතරක් නෙවෙයි තව වෙනත් මස් වර්ග උනත් යොදා ගන්න පුළුවන්. ඒ විදියටත් රසම රස ඇඹුල් තියල් හදා ගන්න පුළුවන්. එත් කොහොමද මේක කරන්නේ. මේක තමයි අපි ගෘහණියෝ හැමෝටම දැන් හිතට එන ප්‍රශ්නය. බය වෙන්නට අවශ්‍ය නෑ. ඔබට අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් මේ ලිපිය තුලින් අපි ලබා දෙනවා.එහෙනම් අහ ගන්නකෝ කුකුල් මස් වලින් ඇඹුල්තියල් හදා ගන්නේ කොහොමද කියලා අවශ්‍ය දේවල්
- කුකුල් මස් 500g
- ගොරකා පේස්ට් මේස හැඳි 2
- ගම්මිරිස් මේස හැඳි 3
- සුදුළූණු පේස්ට් මේස හැඳි 2
- ඉඟුරු පේස්ට් තේ හැඳි 2
- අඹරාගත් කරපිංච තේ හැඳි 2
- අඹරාගත් අමු මිරිස් තේ හැඳි 2
- කරදමුංගු කුඩු තේ හැඳි ¼
- ලුණු මේස හැඳි 2
- වතුර 250ml
සාදාගන්නා ආකාරය මුලින්ම ගොරකා පේස්ට්, ගම්මිරිස්, අඹරාගත්ත අමුමිරිස්, අඹරාගත්ත කරපිංචා භාජනයකට දාලා හොදට අනාගන්න ඕනෙ. මෙහෙම හදාගන්න මිශ්‍රණය දියාරු එහෙම නෑ. තෙත ගතිය තියෙනවා යන්තම්. එච්චරයි. වතුර එහෙම දාන්න එපා තාම.ඊට පස්සෙ ඉඟුරු, සුදුළූණු පේස්ට් සහ ලුණු දමා හොදින් අනාගන්න. දැන් තව චුට්ටක් තෙත ගතිය වැඩිවෙයි පේස්ට් වල තියෙන තෙත ගතිය හින්දා.දැන් තියෙන්නෙ මේ හදාගත්ත මිශ්‍රණය කුකුල් මස් කැබලිවල ගාගන්න එක.ඔන්න දැන් තමයි අපි මේක ඇතිලියකට දාලා වතුර දාගන්න යන්නෙ. මැටි ඇතිලියක් ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.ඊට පස්සෙ ඉතින් ඉස්ම හිඳෙනකන් මද ගින්නේ පිසගන්න තමයි තියෙන්නෙ. ඔච්චරයි.දැන් ඉස්ම හිඳෙනකන් මද ගින්නේ පිසගන්න තමයි තියෙන්නෙ. ඔන්න දැන් හදලා ඉවරයි.දැන් තියෙන්නේ මේක පවුලේ ආදරනියන් එක්ක එකතු වෙලා රස විදින්න. එහෙනම් අපි ගියා. ඔබේ රසවත් අත්දැකීම අපි එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. ඔබට ජය
No comments:
Post a Comment