භාවනාවෙන් මොළය වර්ධනය වෙනවා
වරක් ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් මොළයේ ක්‍රියාකාරිත්වයට භාවනාව මඟින් සිදුවන බලපෑම සෙවීම සඳහා අපූරු පරීක්ෂණයක් සිදුකළා…මේ සඳහා ඔවුන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගී කරගත් අතර, නිරන්තරව බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණ කළ උන් වහන්සේලාගේ මොළය ස්කෑන් (electroencephalograms/EEGs)පරීක්ෂණ කීපයක් මඟින් නිරීක්ෂණය කිරීමටයි ඔවුන් කටයුතු කර තිබුණේ….මෙහිදී අනාවරණය වූ කරුණු වලට අනුව, එම භික්ෂූන් වහන්සේලාගේ මොළයේ ගැමා කිරණ වල අධි ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබුණා…මෙය මොළයේ ගැමා කිරණ සමායෝජනය(gamma synchrony) ලෙසින් වෛද්‍ය විද්‍යාවේ හැඳින්වෙන අතර, මෙමඟින් එකවර මොළයේ කොටස් කීපයක් එකිනෙකට සම්බන්ධ කෙරෙනවා…එසේ සම්බන්ධ වන කොටස් ගණන වැඩිවන තරමට, මොළයේ උපරිම හැකියාවද ලබාගැනීමට හැකියාව ලැබෙණවා….මේ ආකාරයේ කිරණ මොළයේ ඇතිවන්නේ එහි නියුරෝන අතර, පණිවිඩ හුවමාරුවේදී හටගන්නා ඉතාමත් කුඩා වෝල්ටීයතාවයන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි….එහිදී සාමාන්‍ය ක්‍රියාවලියක් අතරේදී, හර්ට්ස් 13- 30 ක් පමණ අතරේ බීටා සංඛ්‍යාතයේ තරංග මොළයේ නිපදවෙන අතර, මතකයට ගැඹුරින් යමක් ධාරණය වීමේදී හෝ, තදින් සිත සමාධිගත වීමකදී, හර්ට්ස් 30- 90 තරම් විශාල සංඛ්‍යාතයේ ගැමා කිරණ නිපදවීම සිදුවෙනව.මෙම පරීක්ෂණය සඳහා විස්කොන්සින් පර්යේෂකයින් කණ්ඩායම දිගු කලක් බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණකළ බෞද්ධ භික්ෂූන් 10 නමක් හා එවකට භාවනාව ප්‍රගුණ කරමින් සිටි උසස් අධ්‍යාපනය ලබන සිසුන් 8 දෙනෙකු යොදාගනු ලැබුවා…එහිදී භික්ෂූන් වහන්සේලා තදින් සිත සමාධිගතකර භාවනාවේ යෙදෙන අවස්ථාවේ, උන්වහන්සේලාගේ මොළයෙන් ඉතා ප්‍රබල මට්ටමේ ගැමා කිරණ නිකුත්වෙනු දක්නට ලැබුණා.මේවා විශාල උසකින්/ව්ස්ථාරයකින් යුක්ත අධි සංඛ්‍යාත මට්ටමේ(high amplitude, high frequency) පවතින ඒවා වුණාඑමෙන්ම ඒවා මොළයේ සෑම කොටසකින්ම පාහේ නිකුත්වෙන බව දක්නට ලැබුණු අතර,ඒවා සියල්ලම එකිනෙකට ඉතා හොඳින් සමායෝජනය වන බව කිරණ සටහනට අනුව නිගමනය කළ හැකිවුණා.තවද ඒවා ඉතා දිගු කලක් සමායෝජනව වෙමින් පවතිණ බවයි දක්නට ලැබුණේ.මේ අතරේ මෙම පරීක්ෂණයට බඳුන්කළ සිසුන් 8 දෙනාගේ මොළයේ කිරණ වල මට්ටම මීට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක තිබූ බව පෙනී ගිය අතර, සමායෝජන මට්ටම ඒ ආසන්නයේ වත් නොමැති බව දක්නට ලැබුණා.මේ ආකාරයේ ගැමා කිරණ පරීක්ෂණයක් මඟින් මොළයේ නියුරෝන අතර සමායෝජන මට්ටම පෙන්නුම් කරන අතර,මෙමඟින් අදාල පුද්ගලයාගේ මනසේ සමාධිගත මට්ටම පෙන්නුම් කරනවා.එමෙන්ම මේ ආකාරයේ කිරණ සමායෝජනයේ අඩුවීමක් මඟින් මනසේ විසිරුණු ස්වභාවයද පෙන්නුම් කෙරෙණවා.ඉතින් අවසන මොළයේ ගැමා කිරණ සමායෝජනයෙන් හෙළිකෙරෙන්නේ අදාල පුද්ගලයාගේ මොළයේ විවිධ කොටස් රැසක එකතුවෙන් සිදුකළ හැකි අසිරිමත් හා අති සංකීර්ණ ක්‍රියාකාරීත්ව මට්ටමයි.ඉතින් මේ අනුව පෙනී යන්නේ බෞද්ධ භාවනාව මඟින් මිනිස් මනසට සිදුකළ හැකි අති ප්‍රබල වූ බලපෑමයි….එය සමථ හා විපස්සනා යන භාවනා කොටස් අනුව, ලෞකික හා ලෝකෝත්තර මට්ටමටද යන බව භාවනාව අධ්‍යන කරන විට ඔබට වැටහී යයි….තව දුරටත් මෙහිදී පර්යේෂකයින් පෙන්වා දී තිබුණේ, ශාස්ත්‍රීය සංගීතය වැනි සිත සමාධිගත කරන ක්‍රියාකාරකම් වලින්ද මේ ආකාරයේ මොළයේ ගැමා කිරණ ක්‍රියාකාරීත්වය අවදි කළ හැකි බවයි….තවත් මෙවැනි ලිපියකින් යලිත් හමුවෙමු… සැමට පින්බර පොහෝ දිනක්….!!!!(අන්තර්ජාලය ඇසුරෙන් මාධව විශ්වනාත් )
Subscribe to:
Post Comments (Atom)
මහත අයට කෙට්ටු වෙන්න කස කසා ඇට පානක්
බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකා...

-
ලොකු කුඩා කාට කාටත් නිතර නිතර හැදෙන දෙයක් තමයි මේ සෙම කියන්නේ. විවිද හේතු නිසා සේම ආමරුව හැදෙන්න පුළුවන් නමුත් ගොඩක් දෙනෙක් පොඩ්ඩක් සෙම ...
-
බිලිං කියන්නේ ලෝකයේ තියෙන පළතුරු වර්ගවලින් නිතරම වගේ අවතක්සේරු වන පළතුරු වර්ගයක්. බිලිං තරමක් කාමරංගා වලට සමාන කමක් දැක්වුවත් බිලිං වල ක...
-
හැමෝම පේර දන්නේ පලතුරක් විදියටම නමුත් ඊට වඩා පේර වල අඩංගු වෙනවා පේර කොන්ඩෙට ඉතාම ගුණදායක දෙයක් කිව්වොත් ඔබ පුදුම වෙයි ඔව් ඇත්තෙන්ම ඒක හ...
No comments:
Post a Comment